عن جرير بن عبد الله البجلي رضي الله عنه قال: كنا عندَ النبيِّ صلى الله عليه وسلم فنظرَ إلى القمرِ ليلةَ البدرِ، فقالَ: «إنَّكم سترون ربَّكُمْ كما تروْن هذا القمر، لاَ تُضَامُونَ في رُؤْيَته، فَإن استطعتم أنْ لاَ تُغْلَبُوا على صلاة قبل طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا، فَافْعَلُوا». وفي رواية: «فنظر إلى القمر ليلة أربع عشرة».
[صحيح] - [متفق عليه]
المزيــد ...

ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් අල් බජ්ලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එතුමා පුන්සද රාත්රියේ චන්ද්රයා දෙස බලා මෙසේ පැවසීය. “නුඹලා මෙම චන්ද්රයා දකින සේ සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිව නුඹලා දකිනු ඇත. ඔහුව දැකීමේදී නුඹලා වෙහෙසට පත් නොවනු ඇත. තවද හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය සඳහා අධෛර්යමත් නොවීමට නුඹලාට හැකිනම්, නුඹලා ඉටු කරනු. යැයි පැවසූහ. තවත් වාර්තාවක සඳහන් පරිදි ‘එතුමා දහ හතරවන රාත්රියේ සඳ දෙස බැලුවේය’ යැයි සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් අල් බජ්ලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග සිටියෝය. එවිට එතුමා -දහ හතරවැනි රාත්රියේ- පුන්සඳ දෙස බලා; සැබැවින්ම නුඹලා මෙම චන්ද්රයා දකින සේ නුඹලාගේ පරමාධිපතිව දකිනු ඇතැයි පැවසූහ. එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හා ස්වර්ගයේ දේවත්වය විශ්වාස කරන්නෝ පුන් සඳ දකිනවාක් මෙන් ඔහුව දකිනු ඇතැයි යන්නයි. සැබැවින්ම අල්ලාහ් චන්ද්රයා මෙන් යැයි අර්ථවත් වන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ් කිසිවකුට සමාන නොවන බැවිණි. ඔහු අති බලවත්ය. එමෙන් කීර්තිමත්ය. නමුත් මෙම උපමාවෙන් අපේක්ෂා කරනුයේ දැක්ම දැක්මත් සමග උපමා කිරීම මිස දකිනු ලබන දෑ දකිනු ලබන්නක් සමග උපමා කිරීම නොවේ. එය සැබෑ දැක්මෙන් අපි පුන්සද රාත්රියේ චන්ද්රයා දකින්නාක් සේය. එහි සැකයක් නැත. එමෙන්ම එම සඳ යථාර්ථයෙන්ම අප දකින්නාක් මෙන් සැබැවින්ම අපි අපගේ පරමාධිපතිව කිසිදු සැකයකින් තොරව අපේ දෑසින්ම දකින්නෙමු. ස්වර්ග වාසීන් අබියස සැප පහසුකම් අතරින් වඩාත් සුවදායී හා වඩාත් යහපත් වනුයේ අල්ලාහ්ගේ මුහුණ දැකීමය. ඒ සමග කිසිවක් සමාන කළ නොහැක. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පුන් සද රාත්රියේ චන්ද්රයා අප දකින්නාක් මෙන අපගේ පරමාධිපතිව අපි දකින්නෙමු යැයි පවසා සිටි කල්හි ‘තවද නුඹලාට හැකිනම්, හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය ගැන අධෛර්යමත් නොවීමට හැකිනම් නුඹලා ඉටු කරනු.’ යැයි පැවසූහ. ඒ සඳහා නුඹලා අධෛර්යමත් නොවීමට හැකිනම්’ ඉටු කරනු. මෙහි සුබ්හු සලාතය හා අසර් සලාතය ප්රවේසමෙන් පිළිපැදීම කීර්තිමත් අල්ලාහ්ගේ මුහුණ දැකීමට හේතුවක් බව පෙන්වා දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සිටින සභාවන්හි තමන් ද සහභාගීවීමට සහබාවරුන් දැක් වූ උනන්දුව.
  2. සැබැවින්ම දේවත්වය විශ්වාස කරන ජනයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උත්තරීතර අල්ලාහ්ව දකිනු ඇතැයි යන සුභාරංචිය තහවුරු කිරීම.
  3. ව්යාජ අර්ථ නිරූපණය කරන්නන් හා කඩාකප්පල්කාරීන් පවසා සිටි දෑට විරුද්ධව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පවසන පරිදී දෙවියන් දැකීම යථාර්ථයක් බව සනාත කිරීම.
  4. සුබ්හ් හා අසර් සලාතයන් දෙකෙහි මහිමය. ඒ දෙක ප්රවේසමෙන් ඉටු කිරීම අවශ්ය වන්නේය.
  5. මෙම වේලාවන් දෙක සුවිශේෂී කර ඇත්තේ මෙම මහඟු මහිමය ඔවුනට අතපසු නොවනු පිණිස එහි මලක්වරුන් එක්රැස් වී එම ක්රියාවන් ඉහළට ඔසවාගෙන යන බැවිණි.
  6. තහවුරු කිරීමත් උනන්දුව කරවීමත් ප්රචාරක සාධක අතරින් වන්නේය.
අමතර