1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර

නබි වදනක් සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත

عَنِ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّمَا مَثَلُ صَاحِبِ القُرْآنِ كَمَثَلِ صَاحِبِ الإِبِلِ المُعَقَّلَةِ، إِنْ عَاهَدَ عَلَيْهَا أَمْسَكَهَا، وَإِنْ أَطْلَقَهَا ذَهَبَتْ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත."

صحيح متفق عليه صحيح البخاري - 5031

විවරණය

අල් කුර්ආනය හදාරා, එය බලමින් හෝ කටපාඩමින් කියවීමට ඇල්ම දක්වන උදවිය ඔටුවකුගේ පාදය ලණුවකින් බැඳ දමා ඇති ඔටු හිමියෙකුට උපමා කළහ. ඔහු එසේ බැඳ තබන්නේ නම් ඔහු එය රඳවාගනු ඇත. උගේ පාලනය මුදා හැරියේ නම් ඌ පළා යනු ඇත. එලෙසම අල් කුර්ආනය සමග බැඳී කටයුතු කර එහි ඇති දෑ ඔහු කියවන්නේ ද එය ඔහුව මෙනෙහි කරනු ඇත. එසේ නොවූ විටෙක එය අමතක කර දමනු ඇත. එබැවින් අල් කුර්ආනය සමග වූ බැඳියාව පවතින කල්තාක් ආරක්ෂාව ද පවතිනු ඇත.

හදීසයේ හරය

  1. අල් කුර්ආනය සමග බැඳී කටයුතු කිරීමට හා එය කියවීමටත් එය අමතක නොකිරීමට වගබලා ගැනීමටත් උනන්දු කරවීම.
  2. අල් කුර්ආනය පුරුද්දක් ලෙස අඛණ්ඩ ව කියවීම, දිවට නතු වන අතර එය කියවීම ඔහුට පහසු වනු ඇත. එය ඔහු අත්හැර දැමූ විටෙක කියවීමට අපොහොසත් වන අතර එය දුෂ්කර කාර්යයක් වනු ඇත.
  3. අල්-කාළි තුමා මෙසේ පැවසීය: "අල් කුර්ආනය සමග බැඳුනු තැනැත්තා" යනු එයට ඇල්ම දක්වන තැනැත්තාය. සහායකයාය. එනම් ආදරය කරන්නාය. මේ තැනැත්තාගේ සහකරු මේ තැනැත්තා යැයි හා ස්වර්ග උයනේ සගයෝ හා අපා ගින්නේ සගයෝ යැයි පවසන්නාක් මෙනි.
  4. දඃවා හෙවත් යහපත වෙත ඇරයුම් කිරීමේ මාධ්‍යයක් වන්නේ උදාහරණ හා උපමා ගෙන හැර පෑමය.
  5. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙහිදී ඔටුවා ගැන විශේෂයෙන් පවසා ඇත්තේ, ඌ (තම ස්වාමියා විගසින්) අමතක කර දමා පළායන සතුන් අතරින් දැඩි සතෙකු වන බැවිනි. එමෙන්ම ඌ පළා ගිය පසුව නැවත සොයා ගැනීම දුෂ්කර කාර්යයකි.

අර්ථ කථන නිරීක්ෂණය

40 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
KN ಕನ್ನಡ الكانادا
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية