عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«مَنْ أَنْظَرَ مُعْسِرًا، أَوْ وَضَعَ لَهُ، أَظَلَّهُ اللهُ يَوْمَ الْقِيَامَةِ تَحْتَ ظِلِّ عَرْشِهِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ».

[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 1306]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي - 1306]

විවරණය

කවරෙකු ණයකරුට ණය ගෙවීමට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහුගේ ණයබර සැහැල්ලු කරන්නේ ද එවැන්නෙකුට හිමි ප්‍රතිඵලය වනුයේ, ගැත්තන්ගේ හිසට හිරු ළඟා වන, එහි උෂ්ණත්වය ඔවුනට මහත් දරැණු වන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තම රාජ්‍යය යටතේ ඔහුට හෙවණ ලබා දීමය. අල්ලාහ් කවරෙකුට හෙවණ ලබා දෙන්නේ ද ඔහු හැර වෙනත් කිසිවකු විසින් කිසිදු හෙවණක් නො ලබනු ඇත.

හදීසයේ හරය

  1. උත්තරීතර අල්ලාහ්ගේ ගැත්තන් හට පහසුකම් සැලසීමේ මහිමය. සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුදවලින් රැකවරණය ලබන්නට හේතුවක් වේ.
  2. ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටනු ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර