عن أبي هريرة - رضي الله عنه- مرفوعاً: «من أنْفَق زوْجَيْن في سَبيل الله نُودِي من أبْوَاب الجنَّة، يا عبد الله هذا خَيْرٌ، فمن كان من أهل الصلاة دُعِي من باب الصلاة، ومن كان من أهل الجِهاد دُعِي من باب الجِهاد، ومن كان من أهل الصيام دُعِي من باب الرَّيَّانِ، ومن كان من أهل الصَّدَقة دُعِي من باب الصَّدَقة» قال أبو بكر رضي الله عنه : بأبي أنت وأمي يا رسول الله! ما على من دُعِي من تلك الأبواب من ضَرورة، فهل يُدْعَى أحَدٌ من تلك الأبواب كلِّها؟ فقال: «نعم، وأرْجُو أن تكون منهم».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ආහාර දෙකකින් වියදම් කරන්නා ස්වර්ගයේ දොරටු අතරින්, අහෝ අල්ලාහ්ගේ ගැත්තනි මෙය යහපතකි. යැයි පවසා ඇරයුම් කරනු ලැබේ. එමෙන්ම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතරින් කෙනකු වූයේද ඔහුව සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු ජිහාද්හි නිරතවන්නන් අතරින් කෙනෙකු වූයේද ඔහුව ජිහාද්හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු උපවාස ශීලය රකින්නන් අතරින් වූයේද ඔහුව රය්යාන් නම් දොරටුවන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු සදකා දෙන අය අතරින් වූයේද ඔහුව සදකාවේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. (එවිට) අබූ බක්කර් තුමා, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ පියා හා මාගේ මව ඔබට කැප කරමින් පවසමි. එම දොරටුවලින් ඇරයුම් කරනු ලබන්නන් හට (දුක් වන්නට) කිසිදු හේතුවක් නොවනු ඇත. නමුත් ඒ සියලු දොරටුවලින් කිසිවකු ඇරයුම් කරනු ලබනු ඇත්දැ?“යි විමසා සිටියේය. එවිට එතුමා, “එසේය ඔබත් ඔවුන් අතුරින් වන්නට මම ආශා කරමි“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ආහාරයෙන් හෝ ඇඳුම් පැළඳුම්වලින් හෝ ප්රවාහනයෙන් හෝ මුදලින් හෝ ක්රම දෙකකින් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තු වෙමින් කවරෙකු පරිත්යාග කරන්නේද, මලක්වරු ස්වර්ග දොරටු අසළ සිට ඔහුව සාදරයෙන් පිළිගෙන ඔබ බොහෝමයක් යහපත සිදු කොට ඇත. එහෙයින් අද දින ඒ සඳහා අතිමහත් කුසල් පිරිනමනු ලබනු ඇත. යැයි පවසති. අධික වශයෙන් සලාතය ඉටු කළවුන් සලාතයේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගට පිවිසෙනු ඇත.අධික වශයෙන් සදකා දුන් අය සදකාවේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත. අධික වශයෙන් උපවාසයේ නිරත වූවන්ට රය්යාන් නම් දොරටුව අබියස මලක්වරු ඔවුන් සාදරයෙන් පිළිගෙන ස්වර්ගයට පිවිසෙන මෙන් කැඳවති. රය්යාන් යනු පිපාසය සංසිදුවන ස්ථානයකි. හේතුව උපවාසයේ නිරත වූවන් ජලය පානය කිරීමෙන් වැළකී පිපාසයෙන් සිටින බැවිනි. විශේෂයෙන් ග්රීස්ම සෘතුවෙහි ඔවුන් පිපාසයෙන් සිටියහ. එහෙයින් ඔවුන්ගේ පිපාසය සඳහා කිසි විටෙක පිපාසය ඇති නොවන ස්වරගය පිරිනමනු ලබති. ඔවුහු එම දොරටුවෙන් ස්වර්ගය වෙත පිවිසෙනු ඇත. අබූ බක්කර් තුමා මෙයට සවන් දුන් කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ පියා හා මාගේ මව ඔබට කැප කරමින් පවසමි. එම දොරටුවලින් ඇරයුම් කරනු ලබන්නන් හට (දුක් වන්නට) කිසිදු හේතුවක් නොවනු ඇත. නමුත් ඒ සියලු දොරටුවලින් කිසිවකු ඇරයුම් කරනු ලබනු ඇත්දැ?“යි විමසා සිටියේය. එවිට එතුමා “එසේය ඔබත් ඔවුන් අතුරින් වන්නට මම ආශා කරමි“ යැයි පැවසූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර