عن ثوبان رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «من تَكَفَّلَ لي أن لا يسأل الناس شيئًا، وأَتَكَفَّلُ له بالجنة؟» فقلت: أنا، فكان لا يَسأل أحدًا شيئًا.
[صحيح] - [رواه أبو داود وأحمد والنسائي وابن ماجه وأحمد]
المزيــد ...

සව්බාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට කවරෙකු මට පොරොන්දු වන්නේ ද ස්වර්ගය පිිළිබඳ මම ඔහුට පොරොන්දු වෙමි.“ එවිට මම: “කිසිවක් කිසිවකුගෙන් නොඉල්ලන කෙනෙකු විය.“ යැයි පැවසුවෙමි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

කුඩා කාර්යයක වුව ද විශාල කාර්යයක වුව ද මිනිසුන්ගේ වස්තුව හා ඔවුන්ගෙන් උපකාර පැතීම අතහැර දමන බවට කවරෙකු නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරොන්දු වන්නේ ද ස්වර්ගය ඔහුට හිමි කර දෙන බවට එතුමා පොරොන්දු වී ඇත.හේතුව මැවීම්වලින් ඉල්ලීම අතහැර දැමීම යනු අල්ලාහ් කෙරෙහි ඔහු විශ්වාසය තැබීම යන්නයි.තවද අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසයට හා දැඩි අපේක්ෂාවට එය සාධකයක් වනු ඇත.එවිට ඔහුගේ ප්රතිඵලය වනුයේ අල්ලාහ් ඔහුව ස්වර්ගයට ඇතුළු කිරීමය. සව්බාන් තුමා මෙම හදීසයට සවන් දුන් පසුව මිනිසුන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටින බවට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරොන්දු විය.එය කෙතරම් දුරටද යත් ඉබ්නු මාජා හි සඳහන් වන පරිදි: නියත වශයෙන්ම ඔහු ඔටු මත නැග ගමන් කරමින් සිටියදී, තම සැරටිය බිම වැටුණ ද,තමන් බැස එය ගන්නා තෙක් තමන්ට එය අහුලා දෙන මෙන් කිසිවකුට නොපැවසීය.එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් සමග තම ආත්මය කැප කළ ගිවිසුම පූර්ණ කිරීමක් වශයෙනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර