1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්-තුමාණෝ සුබ්හු සලාතයෙන් පසු ව හිරු උදා වන තෙක් ද අසර් සලාතයෙන් පසු ව හිරු අවරට යන තෙක් ද සලාතය ඉටු කිරීමෙන් වැළැක් වූහ.

عن عبد الله بن عباس رضي الله عنه قال: «شَهِد عِندِي رِجَال مَرْضِيُون - وأَرْضَاهُم عِندِي عُمر- أنَّ النَبِي صلى الله عليه وسلم نَهَى عن الصَّلاة بَعد الصُّبح حتَّى تَطلُعَ الشَّمسُ، وبعد العصر حتَّى تَغرُب». وعن أبي سعيد رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم أنه قال: «لا صَلاَة بعد الصُّبح حتَّى تَرتَفِعَ الشَّمسُ، ولا صَلاَة بعد العَصرِ حتَّى تَغِيبَ الشَّمس».

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සුබ්හු සලාතයෙන් පසු ව හිරු උදා වන තෙක් ද අසර් සලාතයෙන් පසු ව හිරු අවරට යන තෙක් ද සලාතය ඉටු කිරීමෙන් වැළැක් වූහැයි (සමාජය විසින්) පිළිගනු ලැබූ මිනිසුන් කිහිප දෙනෙකු මා වෙත පැමිණ පවසා සිටියහ. -ඔවුන් අතරින් මා හට දැඩි පිළිගැනීමට ලක් ව සිටියේ උමර්ය.- නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් ප්රකාශ කළ බවට අබූ සඊද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සුබ්හු සලාතයෙන් පසු හිරු උදා වන තෙක් සලාතයක් නැත. අසර් සලාතයෙන් පසු හිරු අවරට යන තෙක් ද සලාතයක් නැත.”

පූර්ව සාධක සහිත හදීසයකි මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත

විවරණය

මෙම හදීස් දෙකෙහි සුබ්හු සලාතයෙන් පසු හිරු උදා වී දෑසින් දකින තරමට ක්ෂිතිජයෙනි හීයක උසක තරම් ප්රමාණයකට උදා වන තෙක් සලාතයට ඉටු කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය විනාඩි කිහිපයකි. එහි කාල සීමාව පිළිබඳ විද්වතුන් අතර විනාඩි 5 සිට විනාඩි 15 දක්වා අතර වූ කාලය පිළිබඳ මතභේද පවතී. එමෙන්ම අසර් සලාතයෙන් පසුව හිරු අවරට යන තෙක් එනම් මග්රිබ් අදාන් පැවසීමට විනාඩි කිහිපයකට පෙර සලාතය ඉටු කිරීමෙන්ද එතුමා වැළැක්වූහ. හේතුව මේ වේලාවන් දෙකෙහි සලාතය ඉටු කිරීම හිරු උදාවන විට හා එය අවරට යන විට දේව ආදේශකයින් කරන නැමදුමට සමාන වන බැවිනි. ඔවුන්ගේ නැමදුම්වලදී ඔවුනට සමාන ලෙස කටයුතු කිරීමෙන් එතුමා අප වළක්වා ඇත්තාහ. හේතුව කවරෙකු තවත් සමාජයකට සමානව කටයුතු කරන්නේද ඔහුද ඔවුන් අතරින් කෙනෙකු වන බැවිනි.

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية