عن عمرو بن عَبَسة رضي الله عنه قال: كنت وأنا في الجاهلية أظن أن الناس على ضَلالة، وأنهم لَيْسُوا على شيء، وهم يَعبدون الأوثان، فسمعت برجل بمكة يُخبر أخبارًا، فَقَعَدتُ على راحلتي، فقدِمتُ عليه، فإذا رسول الله صلى الله عليه وسلم مُسْتَخْفِيًا ، جُرَءآءٌ عليه قومه، فتَلطَّفتُ حتى دخلت عليه بمكة، فقلت له: ما أنت؟ قال: «أنا نَبيٌّ» قلت: وما نَبِيٌّ؟ قال: «أرسلني الله» قلت: وبِأَيِّ شيء أرسلك؟ قال: «أرسلني بصلة الأرحام، وكسر الأوثان، وأن يُوَحَّد الله لا يُشرك به شيءٌ»، قلت: فمن معك على هذا؟ قال: «حُرٌّ وعَبْدٌ»، ومعه يومئذ أبو بكر وبلال رضي الله عنهما ، قلت: إني مُتَّبِعُكَ، قال: «إنك لن تستطيع ذلك يَوْمَك هذا، ألا ترى حالي وحال الناس؟ ولكن ارجع إلى أهلك، فإذا سمعت بِي قد ظهرت فأتني». قال: فذهبت إلى أهلي، وقدم رسول الله صلى الله عليه وسلم المدينة حتى قدم نَفرٌ من أهلي المدينة، فقلت: ما فعل هذا الرجل الذي قَدِم المدينة؟ فقالوا: الناس إليه سِرَاعٌ، وقد أراد قومُه قتلَه، فلم يستطيعوا ذلك، فقدمت المدينة، فدخلت عليه، فقلت: يا رسول الله أَتَعْرِفُني؟ قال: «نعم، أنت الذي لَقَيْتَنِي بمكة» قال: فقلت: يا رسول الله، أخبرني عما عَلَّمَك الله وأَجْهَلُهُ، أخبرني عن الصلاة؟ قال: «صَلِّ صلاةَ الصبح، ثم اقْصُرْ عن الصلاة حتى ترتفع الشمس قِيْدَ رمح، فإنها تَطْلُعُ حين تَطلُعُ بين قرني شيطان، وحينئذ يَسجدُ لها الكفار، ثم صلِ فإن الصلاة مشهُودةٌ محضُورةٌ حتى يَسْتَقِلَّ الظِّلُ بالرُّمْح، ثم اقْصُرْ عن الصلاة، فإنه حينئذ تُسْجَرُ جهنم، فإذا أقبل الفيء فَصَلِّ، فإن الصلاة مشهُودةٌ محضُورةٌ حتى تُصلي العصر، ثم اقْصُرْ عن الصلاة حتى تغرب الشمس، فإنها تَغْرُبُ بين قَرْنَيْ شيطان، وحينئذ يسجدُ لها الكفار» قال: فقلت: يا نبي الله، فالوضوء حدثني عنه؟ فقال: «ما مِنكم رجلٌ يُقَرِّبُ وضوءه، فيتمضمض ويستنشق فيستنثر، إلا خرَّت خطايا وجهه من أطراف لحيته مع الماء، ثم يغسل يديه إلى المرفقين، إلا خرَّت خطايا يديه من أنامله مع الماء، ثم يمسح رأسه، إلا خرَّت خطايا رأسه من أطراف شعره مع الماء، ثم يغسل قدميه إلى الكعبين، إلا خرَّت خطايا رجليه من أنامله مع الماء، فإن هو قام فصلى، فحمد الله تعالى ، وأثنى عليه ومجَّدَه بالذي هو له أهل، وفرَّغَ قلبه لله تعالى ، إلا انصرف من خطيئته كهيئته يومَ ولدَتْه أمه». فحدث عمرو بن عبسة بهذا الحديث أبا أمامة صاحب رسول الله صلى الله عليه وسلم فقال له أبو أمامة: يا عمرو بن عبسة، انظر ما تقول! في مقام واحد يُعطى هذا الرجل؟ فقال عمرو: يا أبا أُمَامة، لقد كَبِرَتْ سِنِّي، ورقَّ عظمي، واقترب أجلي، وما بِي حاجة أن أَكْذِبَ على الله تعالى ، ولا على رسول الله صلى الله عليه وسلم لو لم أسمعه من رسول الله صلى الله عليه وسلم إلا مرة أو مرتين أو ثلاثًا -حتى عدَّ سبع مرات- ما حدَّثْت أبدًا به، ولكني سمعته أكثر من ذلك.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

අම්ර් ඉබ්නු අබසා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසුන් නොමඟෙහි සිටින බවත්. තවද සැබැවින්ම ඔවුන් කිසිදු ස්ථාවරයක් මත නොමැති බවත්. ඔවුන් පිළිම වන්දනා කරමින් සිටින බවත් අඥාන යුගයේදී මම සිතා ගෙන සිටියෙමි. එවිට තොරතුරු දන්වා සිටින මක්කාවේ වෙසෙන මිනිසකු පිළිබඳ පුවත මගේ කනට වැකුණි. එවිට මම මගේ වාහනය මත වාඩි වී එතුමා වෙතට පැමිණියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් රහසිගතව කටයුතු කරමින් සිටියහ. එතුමාගේ පිරිස එතුමා කෙරෙහි උද්යෝගයෙන් සිටියෝය. මක්කාවේ එතුමා වෙත පිවිසෙන තෙක් මම සෙමින් පැමිණියෙමි. පසුව මම එතුමා දෙස බලා: ඔබ කවුද? යැයි විමසුවෙමි. එතුමා “මම නබි වෙමි“ යැයි පැවසූහ. මම: ‘නබි යනු කුමක්ද?‘ යැයි විමසුවෙමි. එතුමා: “අල්ලාහ් මා දූතයකු ලෙස එවා ඇත්තෙමි“ යැයි පැවසූහ. මම: ‘ඔහු කුමන හෙතුවක් මත ඔබව එව්වේද?“ එතුමා: “ඥාතීසම්බන්ධකම් පැවැත්වීමටත් (අල්ලාහ් හැර වන්දනයට ලක්වන) වස්තු කඩා දැමීමටත් අල්ලාහ් ඒකියභාවයට පත් කරනු ලැබීමටත් ඔහුට කිසිවක් ආදේශ කරනු නොලැබීමටත් මා එවීය.“ යැයි පැවසූහ. මම: ‘එසේ නම් ඔබ සමග සිටින මොවුන් කවුදැ?‘යි විමසුවෙමි. එතුමා “නිදහස් අයකු හා වහලෙකි“ යැයි පැවසූහ. එදින එතුමා සමග අබූ බක්ර් හා බිලාල් -රළියල්ලාහු අන්හුමා- සිටියහ. මම: ‘සැබැවින්ම මම ඔබව පිළිපදිමි‘ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඔබ අද දින ඒ සඳහා ශක්තිය නොදරන්නෙහිය. මාගේ තත්ත්වය හා ජනයාගේ තත්ත්වය ඔබ දකිනවා නොවේද? නමුත් ඔබ ඔබේ පවුල වෙත හැරී යනු. ප්රසිද්ධියේ මා පැමිණි ඇතැයි ඔබ මා ගැන සවන් දුන් විට මා වෙත පැමිණෙන්න. යැයි පැවසූහ. පසුව මම මාගේ පවුල වෙත ගියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මදීනාවට පැමිණියහ. මදීනාවාසීන් අතුරින් පිරිසක් පැමිණියේය. එවිට මම: “මදීනාවෙන් පැමිණි එම මිනිසා කුමක් කරන්නේ දැ?“යි විමසුවෙමි. එවිට ඔවුහු: ‘ජනයා එතුමා වෙත යුහුසුළුවෙන් යති. සැබැවින්ම් එතුමාගේ ජනයා එතුමාව ඝාතනය කරන්නට සිතුවෝය. නමුත් ඔවුනට එය නොහැකි විය.‘ යැයි පැවසුවෝය. පසුව මම මදීනාවට පැමිණ එතුමා වෙත පිවිස ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මා හඳුනන්නේ දැ?‘යි විමසුවෙමි. එතුමා: “එසේය, ඔබ මා මක්කාවේදී හමු වූ අය වේ“ යැයි පවසා සිටියහ. මම: ‘අල්ලාහ්ගේ දූතයාණනි, මා නොදන්නා, එමෙන්ම අල්ලාහ් ඔබට ඉගැන්වූ දෑ මට දන්වා සිටිනු. සලාතය ගැන මට දන්වා සිටිනු‘ යැයි පැවසුවෙමි. එතුමා: “ඔබ සුබ්හු සලාතය ඉටු කරනු. පසුව හීයක ප්රමාණයට හිරු උදාවන තෙක් සලාතයෙන් වැළකෙනු. හේතුව සැබැවින්ම එය උදාවන විට ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය උදාවනන්නේය. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති. පසුව සලාතය ඉටු කරනු. හේතුව සැබැවින්ම එම සලාතය, හෙවණැල්ල හීයක තරම් පතිත වන තෙක් (මලක්වරු) සහභාගී කරවනු ලබන්නකි. සාක්ෂිදරනු ලබන්නකි. පසුව සලාතයෙන් වැළකෙනු. හේතුව සැබැවින්ම එවිට නිරය අවුලනු ලැබේ. ඔබ නැගෙනහිර හෙවණැල්ල දුටු විට ඔබ සලාතය ඉටු කරනු. හේතුව සැබැවින්ම එම සලාතය ඔබ අසර් සලාතය ඉටු කරනු ලබන තෙක් සහභාගීකරවනු ලබන්නකි සාක්ෂි දරනු ලබන්නකි. පසුව හිරු අවරට යන තෙක් සලාතයෙන් වැළකෙනු. හේතුව සැබැවින් ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය අවරට යනු ඇත. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති. පසුව මම: අල්ලාහ්ගේ නබිවරය, එසේ නම් වුළු! ඒ ගැනද මට කියා දෙන්නැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ අතුරින් කිසියම් පුද්ගලයකු, තමන් වුළු ගන්නා ජලයට ළං වී, කට කලත්වා පිරිසිදු කොට, නාසය ද පිරිසිදු කොට එය සොදා ගන්නේ නම් තම මුහුණේ ඇති පාපයන් තම යටි රැවුලේ අගිස්සෙන් ජලය සමගම ඉවත් වනු මිස නැත. පසුව තම වැළමිට දක්වා තම දෙඅත් සෝදන්නේ නම් තම අතෙහි පාපයන් එහි ඇගිලි තුඩු අතුරින් ජලය සමගම ඉවත්වනු මිස නැත. පසුව තම හිස ජලයෙන් තවරන්නේ නම්, තමන්ගේ හිසකෙස් අතුරින් ජලය සමගම ඔහුගේ පාපයන් ඉවත් වනු මිස නැත. පසුව ඔහු දෙපා වළලු කර දක්වා සෝදන්නේ නම් එහි ඇගිලි අතුරින් තම පාදයේ පාපයන් ජලය සමගම ඉවත් වනු මිස නැත. පසුව ඔහු නැගී සිට සලාතය ඉටු කොට අල්ලාහ්ට ප්රශංසා කොට ඔහුව පැසසුමට ලක් කොට ඔහු සතු සුදුසු දැයකින් ඔහු කීර්තියට පත් කොට අල්ලාහ් වෙනුවෙන්ම තම හදවත මුදා හරින්නේ නම් තම මව තමන් ප්රසූත කල දින ඔහුගේ තත්ත්වය මෙන් ඔහුගේ පාපයන් ඉවත් වනු මිස නැත.“ මෙම හදීසය අම්ර් ඉබ්නු අබසා තුමා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සහගාමියකු වූ අබූ උමාමා තුමාට දන්වා සිටියහ. එවිට අබූ උමාමා තුමා ඔහු දෙස බලා අහෝ අම්ර් ඉබ්නු අබසා, ඔබ පවසන දේ බලන්න! මෙම මිනිසාට එකම තැනකදී පිරිනමනු ලැබේ ? එවිට අම්ර් තුමා: අහෝ අබූ උමාමා, මා වයසට පත්ව ඇත. මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ අවසන් කාලය ළඟා වී ඇත. අල්ලාහ් වෙත හෝ අල්ලාහ්ගේ දූතයාණන් වෙත හෝ මා බොරුවක් පැවසීමට කිසිදු අවශ්යතාවක් මට නැත. මෙය මා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් වරක් හෝ දෙවරක් හෝ තුන් වරක් හෝ -හත් වාරයක් දක්වා එසේ පැවසනු- අසා නොමැතිනම් කිසිවිටෙක එය මම නොපවසමි. නමුත් මම එය බොහෝ වාර ගණනාවක් අසා ඇත්තෙමි යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

අම්ර් ඉබ්නු අබසා අස් සලමී -රළියල්ලාහු අන්හු- තුමා අඥාන යුගයේ තම තත්ත්වය කෙසේ වී දැයි ද තමන් හට අල්ලාහ් ඉස්ලාමය වෙත මඟ පෙන්වූයේ කෙසේ දැයි ද අපට දන්වා සිටියේය. ඒ වන විට ඔහුගේ සිත තුළ සත්යයේ ආලෝකයක් විය. සැබැවින්ම ජනයා අසත්යයේ සිටින බවත් දේව ආදේශය හා මුළාව මත ඔවුන් සිටින බවත් ඔවුන් විශ්වාස කරන දෑ විශ්වාස කළ යුත්තක් නොවන බවත් ඔහුට පැහැදිලි විය. පසුව සැබැවින්ම එසමයේ තොරතුරු දන්වා සිටින මක්කාවේ පුද්ගලයකු බිහි වී සිටින බව ඔහුට දැනගන්නට ලැබින. පසුව තම වාහනය මත නැග නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වෙත පැමිණියහ. කුරෙය්ෂ් ප්රතික්ෂේපකයින්ගෙන් ඇතිවන හිංසාවන්ට බියෙන් එතුමා තම දඃවා ප්රචාරය රහසිගතව මෙහෙයවනු දුටුවේය. අම්ර් ඉබ්නු අබසා තුමා මෙසේ දන්වා සිටියි.: “මක්කාවේ එතුමා වෙත පිවිසෙන තෙක් මම හීන් සීරුවෙන් පැමිණියෙමි. පසුව මම එතුමා දෙස බලා: ඔබ කවුද? යැයි විමසුවෙමි. එතුමා “මම නබි වෙමි“ යැයි පැවසූහ. මම: ‘නබි යනු කුමක්ද?‘ යැයි විමසුවෙමි. එතුමා: “අල්ලාහ් මා දූතයකු ලෙස එවා ඇත්තෙමි“ යැයි පැවසූහ. මම: ‘ඔහු කුමන හෙතුවක් මත ඔබව එව්වේද?“ එතුමා: “ඥාතීසම්බන්ධකම් පැවැත්වීමටත් (අල්ලාහ් හැර වන්දනයට ලක්වන) වස්තු කඩා දැමීමටත් අල්ලාහ් ඒකියභාවයට පත් කරනු ලැබීමටත් ඔහුට කිසිවක් ආදේශ කරනු නොලැබීමටත් මා එවීය.“ යැයි පැවසූහ. මෙහිදී එතුමා අල්ලාහ් වෙත ඇරයුම් කළහ. මහඟු දහමේ අලංකාරයන් පැහැදිලි කළහ. ඒවායින් වඩාත් වැදගත් වූයේ අල්ලාහ්ව ඒකීයභාවයට පත් කිරීම හා යහ ගුණාංගයන්ය. තමන් ජනයා ගැන දැන සිටි අයුරින්ම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සැබැවින්ම මෙම පිළිම අසත්යය බව ඔහුට දන්වා සිටියේය. එහෙයින් මෙම පුද්ගලයා ඉස්ලාමයට පැමිණීමට පෙරම දේව ආදේශකයින් නමදිමින් සිටින දෑ අසත්යය බව දැන සිටියේය. ඔහු සත්යය සොයා ගියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගිය කල්හි (සැබැවින්ම මා එව්වේ ඥාතී බැඳියාවන් සුරක්ෂා කිරීමට) යැයි එතුමා ඔහුට දන්වා සිටියහ. මෙය උදාර ගුණාංගයකි. මක්කා වැසියන් අතර නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණියේ ඥාතී සම්බන්ධකම් බිඳ දැමීමටය යන මතය ව්යාප්තව තිබිණ. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුන් පවසන දෑ බොරු බවත් තමන් පැමිණියේ ඥාතී සම්බන්ධකම් සුරැකීමට මිස එය බිඳ දැමීමට නොවන බවත් දන්වා සිටියහ. (පිළිම කඩා දැමීමට) එනම් අල්ලාහ් හැර නමිදිනු ලබන දෑ ඉවත් කිරීමට යන්නයි. (අල්ලාහ් ඒකීයත්වයට පත් කොට ඔහුට කිසිවක් ආදේශ නොකිරීමටය) “ඔහු: මම, ‘එසේ නම් ඔබ සමග සිටින මොහු කවුදැ?‘යි විමසුවෙමි.“ එනම්, ඔබ සමග මෙම දහමට පිවිසුනු අය කවුදැ?යි යන්නයි. එතුමා: “නිදහස් අයකු හා වහලෙකි“ යැයි පැවසූහ. නිදහස් පුද්ගලයා අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා වූහ. වහලා බිලාල් -රළියල්ලාහු අන්හු- තුමා වූහ. “සැබැවින්ම මම ඔබව පිළිපදිමි‘ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඔබ අද දින ඒ සඳහා ශක්තිය නොදරන්නෙහිය.“ යැයි එතුමා පැවසූහ. එහි අර්ථය: මක්කාවේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග සිටීමට ඔහු තම ජනයා අතහැර දමා එතුමාව පිළිපඳින විට මෙම දේව ප්රතික්ෂේපකයින්ගෙන් ඔහුව ආරක්ෂා කිරීමේ හැකියාව එතුමාණන්ට නොමැති බවය. එය එතුමාගේ ආදරය කරුණාව හා සෙනෙහස පෙන්වා දෙන්නකි. සැබැවින්ම මෙම පුද්ගලයා දුර්වලයකු විය. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම ඔබ අද දින ඒ සඳහා ශක්තිය නොදරන්නෙහිය. මාගේ තත්ත්වය හා ජනයාගේ තත්ත්වය ඔබ දකිනවා නොවේද?“ එනම්: ජනයා බහුතරයක් දෙනා මා වේදනාවට පත් කරමින් සිටිති. ඔවුනට එරෙහිව නැගී සිටීමට මම බලය නොදරමි. එසේ තිබියදී මම ඔබව ඔවුන්ගෙන් වළකාලනුයේ කෙසේද? යන්නයි. පසුව එතුමා :“නමුත් ඔබ ඔබේ පවුල වෙත හැරී යනු. ප්රසිද්ධියේ මා පැමිණි ඇතැයි ඔබ මා ගැන සවන් දුන් විට මා වෙත පැමිණෙන්න.“ යැයි පැවසූහ. එහි අර්ථය: මම ප්රසිද්ධියේ ප්රකාශ කරන බව ඔබ දැනගන්නා තුරු ඔබ ඔබේ ඉස්ලාමය මත එලෙසම සිටින්න. පසුව මා වෙත පැමිණෙන්න යන්නයි. ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියි : “පසුව මම මාගේ පවුල වෙත ගියෙමි. මම මාගේ පවුල සමග සිටියදී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මදීනාවට පැමිණියහ. මම එතුමා ගැන තොරතුරු විමසා සිටියෙමි.“ යැයි ඔහු පවසා සිටියේය. හේතුව ඉස්ලාමය එම පුද්ගලයාගේ සිතෙහි පිවිස තිබිණ. එහෙයින් ඔහු මෙසේ තවදුරටත් මෙසේ පවසා සිටියේය. “මදීනාවෙන් ජනයා පැමිණි විට මම ඒ ගැන විමසුවෙමි. ඒ සමගම මදීනාවේ මාගේ පවුලේ අය අතුරින් පිරිසක් පැමිණියේය. එවිට මම: “මදීනාවට පැමිණි එම පුද්ගලයා කුමක් කරන්නේදැ?“යි විමසුවෙමි. එවිට ඔවුහු: ‘ජනයා එතුමා වෙත යුහුසුළුවෙන් යති. සැබැවින්ම් එතුමාගේ ජනයා එතුමාව ඝාතනය කරන්නට සිතුවෝය. නමුත් ඔවුනට එය නොහැකි විය.‘ යැයි පැවසුවෝය. පසුව මම මදීනාවට පැමිණ එතුමා වෙත පිවිස “අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මා හඳුනන්නේ දැ?“යි විමසුවෙමි. එතුමා: “එසේය, ඔබ මා මක්කාවේදී හමු වූ අය වේ“ යැයි පවසා සිටියහ. මම: “අල්ලාහ්ගේ දූතයාණනි, මා නොදන්නා, එමෙන්ම අල්ලාහ් ඔබට ඉගැන්වූ දෑ මට දන්වා සිටිනු.“ යැයි පැවසුවෙමි. එනම්, දැන් ඔහු නබි තුමාණන්ගෙන් ප්රශ්න කරන්නට පටන් ගත්තේය. ඔබ වෙත පහළ කරනු ලැබූ ඉස්ලාමයේ නීති මොනවාද? මම නොදන්නා අල්ලාහ් ඔබට ඉගැන්වූ දෑ මට කියා දෙන්න. සලාතය පිළිබඳ මට දන්වා සිටින්න යනුවෙනි. එවිට එතුමා “ඔබ සුබ්හු සලාතය ඉටු කරනු.“ එනම් එහි නියමිත වේලාවේ ඉටු කරනු යන්නයි. “පසුව හීයක ප්රමාණයට හිරු උදාවන තෙක් සලාතයෙන් වැළකෙනු.“ එහි අර්ථය: සුබ්හු සලාතයෙන් පසුව සලාතයක් නොමැත එහෙයින් හිරු උදාවන තෙක් සුබ්හු සලාතය සමග කෙටි කර ගනු යන්නයි. හිරු උදාවන විට අමතරව ඉටු කරන සලාතයක් තිබේද? යැයි ඔහු විමසා සිටියේය. එයට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා: හිර හීයක තරම් උස්ව පවතින තෙක් සලාතය ඉටු කිරීමෙන් වැළකෙනු යැයි පවසා සිටියහ. ඉන් අදහස් කරනුයේ, ඒ ගැන අවධානයෙන් බලන්නාට යමක් ඇත. එනම් “සැබැවින්ම එය උදාවන විට ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය උදාවනන්නේය.“ යන වගයි. හිරු උදාවන වේලාව යනු දේව ප්රතික්ෂේපකයින් හිරුට වන්දනාමාන කරන වේලාවයි. එම වේලාව දක්වා අනිවාර්යය සලාතයක් ප්රමාද කිරීම මුස්ලිම්වරයකුට සුදුසු නැත. හිරු උදාවී උසින් පිහිටන තෙක් අතිරේක සලාතය ඉටු කිරීමද ඔහුට සුදුසු නැත. හිරු උදාවේ වේලාව දින දර්ශනයන්හි දැකිය හැක. එයයි අපේක්ෂිත වේලාව වනුයේ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම එය උදාවන විට ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය උදාවනන්නේය. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති. “ඔවුනට සමානකම් පෑමෙන් එතුමා අප වැළැක්වූහ. පසුව එතුමා මෙසේ පැවසූහ.: “පසුව සලාතය ඉටු කරනු. සැබැවින්ම එම සලාතය සහභාගී කරවනු ලබන්නකි. සාක්ෂිදරනු ලබන්නකි.“ එනම් දහවල් කාලයේ මලක්වරු එහි පැමිණ එය සටහන් කර ගනිති. එම සලාතය ඉටු කළ අය වෙනුවෙන් සාක්ෂි දරයි. මෙහි සාක්ෂිදරනු ලබන්නකි යනුවෙන් වාර්තා වී ඇත්තේ ලියනු ලබන්නකි යන අර්ථයෙනි. එතුමා තවදුරටත් : හෙවණැල්ල හීයක තරම් පතිත වන තෙක්. සලාතයෙන් වැළකෙනු.“ එනම් එය හිරු මුදුන්වන අවස්ථාවය. මිනිසාගේ හිසට ඉහළින් හිරු මුදුනට පැමිණීමය. එවිට හෙවණැල්ල තම දෙපා යට පවතී. ඔබ මෙම වේලාවේ සලාතය ඉටු නොකරනු යැයි එතුමා ඔහුට පැවසූහ. එය රකආත් දෙකක තරම් සුුළු වේලාවකි. එම වේලාවේ සලාතය ඉටු කිරීම නොසුදුසුය. හේතුව නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා. “සැබැවින්ම එවිට නිරය අවුලනු ලැබේ.“ යැයි පවසා ඇති බැවිනි. එය සලාතය ඉටු කිරීමට තහනම් වේලාවයි. එම වේලාවෙහි පිවිසෙන්නා ලුහර් සලාතය සඳහා අදාන් පවසන තෙක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. “ඔබ නැගෙනහිර හෙවණැල්ල දුටු විට“ යනුවෙන් එතුමා කළ ප්රකාශය වනාහි, හිරු මුදුණට පැමිණෙන විට හෙවණැල්ල ඔහුගේ දෙපා යට පවතී. ඉන් පසු එය ඉන් ඉවත්වන විට අනෙක් පැත්තෙන් එම හෙවණැල්ල දකින්නට ලැබේ බටහිර දෙසින් නැගෙනහිර දෙසට එම හෙවණැල්ල පෙරලෙන්නට ආරම්භ වේ. එය ලුහර්හි අදාන් වේලාවයි. “ඔබ නැගෙනහිර හෙවණැල්ල දුටු විට, ඔබ සලාතය ඉටු කරනු. හේතුව සැබැවින්ම එම සලාතය ඔබ අසර් සලාතය ඉටු කරනු ලබන තෙක් සහභාගීකරවනු ලබන්නකි සාක්ෂි දරනු ලබන්නකි.“ එනම්, එය අසර් සලාතය දක්වා වූ අනිවාර්යය සලාතය හා අතිරේක සලාතය වෙන් කර දැක්වීමකි. එය අසර් සලාතය ආරම්භ වන වේලාවයි. ඒ අතර ඔබ කැමති ප්රමාණයක් අතිරේක සලාතයන් ඉට කරනු. එහි කිසිදු පිළිකුල්භාවයක් නොමැත යන්නයි. තවදුරටත් සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “පසුව හිරු අවරට යන තෙක් සලාතයෙන් වැළකෙනු.“ එනම් ඔබ අසර් සලාතය ඉටු කළෙහි නම් හිරු අවරට යන තෙක් අතිරේක සලාත් ඉටු නොකරනු යන්නයි. “පසුව හිරු අවරට යන තෙක් සලාතයෙන් වැළකෙනු.“ හිරු අවරට යෑමට ටික වේලාවකට පෙර හිරු උදාවන වේලාවේදී මෙන්ම තවත් වාරයකත් තහනම් වේලාව පැමිණෙනු ඇත. ඊට හේතුව සැබැවින්ම එය ෂෙය්තාන්ගේ අං දෙක අතරින් අවරට යන බැවිනි. හිරු අවරට යෑමට ඇති ස්වල්ප වේලාවක් දක්වා අසර් සලාතය ප්රමාද කිරීම මුස්ලිම්වරයකුට සුදුසු නැත. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එසේ ප්රමාද කොට ඉටු කරනු ලබන අසර් සලාතය කුහකයින්ගේ සලාතය ලෙස නම් කළහ. හේතුව කුහකයා හිරු කහපැහැ ගැන්වෙන තෙක් සලාතය ප්රමාද කොට පසුව නැගී සිට රකආත් හතර ඉක්මණින් ඉටු කරයි. එහිදී ඔහු ස්වල්ප වේලාවක් හැර අල්ලාහ්ව මෙනෙහි නොකරයි. එහෙයින් දේව ප්රතික්ෂේපකියන්ට සමාන වීමෙන්ද කුහකයින්ට සමානවීමෙන්ද ප්රවේසම් විය යුතුය. සල්ලලාලහු අලය්හි වසල්ලම් තුමා මෙසේ පැවසූහ. “හේතුව සැබැවින් ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය අවරට යනු ඇත. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති.“ අම්ර් තුමා තවදුරටත්: පසුව “මම: අල්ලාහ්ගේ නබිවරය, එසේ නම් වුළු! ඒ ගැනද මට කියා දෙන්නැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ අතුරින් කිසියම් පුද්ගලයකු, තමන් වුළු ගන්නා ජලයට ළං වී, කට කලත්වා පිරිසිදු කොට, නාසය ද පිරිසිදු කොට එය සොදා ගන්නේ නම් තම මුහුණේ ඇති පාපයන් තම යටි රැවුලේ අගිස්සෙන් ජලය සමගම ඉවත් වනු මිස නැත.“ එනම්, මිනිසා වුළු ගන්නා අවස්ථාවේ අවසන් ජල බිංදුව සමග ඔහුගේ පාපයන් ඉවත් වනු ඇත. එමෙන්ම තම මුහුණ සෝදන විට ඔහුගේ කටින් නාසයෙන් මුුහුණෙන් හා දෑසින් සිදු කළ පාපයන් සියල්ල ජලයත් සමග ඉවත්ව යනු ඇත යන්නයි. පසුව අම්ර් ඉබ්නු අබසා -රළියල්ලාහු අන්හු- තුමා මෙම සිදුවීම අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමාට දන්වා සිටියේය. එවිට අබූ උමාමා ඔහු දෙස බලා “අහෝ අම්ර් ඉබ්නු අබසා, ඔබ පවසන දේ බලන්න! මෙම මිනිසාට එකම තැනකදී පිරිනමනු ලැබේ ?“එනම් එය අධික යැයි සිතුවා විය හැක. මේ සෑම එකකටම එකම තැනකදී ගැත්තාට පිරිනමනු ලැබේ. එනම් ඔහු වුළු ගත් විට ඔහුගෙන් ඒ සියලු පාපයන් මැකී යනු ඇත. පසුව ඔහු සලාතයට පිවිසෙයි. පසුව මව තමන් ප්රසූත කළ දිනය මෙන් ඒ සියලු පාපයන් බැහැරවී ඔහු පිවිතුරු වනු ඇත. ඔහු වෙත කිසිදු පාපයක් නැත. එවිට ඔහු: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පවසා සිටි දැයින් යමක් අතපසු වී ඇත්දැයි මැනවින් සිතා බලන්න. යැයි පැවසීය. එවිට අම්ර් -රළියල්ලාහු අන්හු- තුමාගේ පිළිතුර වූයේ. “අහෝ අබූ උමාමා, මා වයසට පත්ව ඇත. මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ අවසන් කාලය ළඟා වී ඇත. අල්ලාහ් වෙත මා බොරුවක් පැවසීමට කිසිදු අවශ්යතාවක් මට නැත.“ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන් කෙරෙහි හෝ ඔවුන්ගේ පරමාධිපති කෙරෙහි හෝ බොරුවක් පැවසීමෙන් එතුමාගේ සහගාමීහු සීමා කර ගත්හ. ඔහු මෙසේ පැවසීය. “අල්ලාහ්ගේ දූතයාණන් වෙත හෝ බොරුවක් පැවසීමට කිසිදු අවශ්යතාවක් මට නැත. මෙය මා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් වරක් හෝ දෙවරක් හෝ තුන් වරක් හෝ -හත් වාරයක් දක්වා එසේ පවසා සිටිනු- අසා නොමැතිනම් කිසිවිටෙක එය මම නොපවසමි.“ එනම්, මෙම හදීසය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එක් වරක් පමණක් පැවසූ හදීසයක් නොවේ. එතුමා සත්වාරයක්ම මෙය පවසා තිබේ. මෙහි සත්වාරයක් යන තේරුම දෙන සබ්ආ යන අරාබි වචනය අරාබි භාවිතයේ අධිකත්වය අර්ථවත් කරයි. එනම් මෙය බොහෝ වාර ගණනක් එතුමා පවසා තිබෙන්නට පුළුවන. ඔහු තවදුරටත් : “නමුත් මම එය බොහෝ වාර ගණනාවක් අසා ඇත්තෙමි“ යැයි පැවසූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම
අර්ථ කථන නිරීක්ෂණය