عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«بَيْنَمَا رَجُلٌ يَمْشِي بِطَرِيقٍ وَجَدَ غُصْنَ شَوْكٍ عَلَى الطَّرِيقِ فَأَخَّرَهُ، فَشَكَرَ اللَّهُ لَهُ فَغَفَرَ لَهُ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1914]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 1914]

විවරණය

මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ සෙසු අයට හානි පමුණුවන කටු සහිත ගසක අත්තක් දැක ඔහු එය මාර්ගයෙන් ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයේ හරය

  1. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීමේ මහිමය. එය අල්ලාහ්ගේ සමාව ලැබීමට හේතු සාධකයක් වේ.
  2. යහපත් ක්‍රියාවන් කිසිවක් එය සුළු දෙයක් වුව ද පහත් කොට නොසැලකීම.
  3. ඉස්ලාමය පිරිසිදු කමේ දහමයි. ස්වභාවධර්මය ආරක්ෂා කරන හා පොදු ජනතාවට රැකවරණය ලබා දෙන දහමයි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية الموري Kannada الأوكرانية الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර