عن سهل بن سعد الساعدي رضي الله عنه مرفوعاً: "لأعطين الراية غدا رجلا يحب الله ورسوله ويحبه الله ورسوله، يفتح الله على يديه، فبات الناس يدوكون ليلتهم أيهم يعطاها فلما أصبحوا غدوا على رسول الله صلى الله عليه وسلم كلهم يرجو أن يعطاها: فقال: أين علي بن أبي طالب؟ فقيل: هو يشتكي عينيه، فأرسلوا إليه فأتي به، فبصق في عينيه، ودعا له فبرأ كأن لم يكن به وجع، فأعطاه الراية فقال: انفذ على رسلك حتى تنزل بساحتهم، ثم ادعهم إلى الإسلام وأخبرهم بما يجب عليهم من حق الله تعالى فيه، فوالله لأن يهدي الله بك رجلا واحدا خير لك من حمر النعم".
[صحيح] - [متفق عليه]
المزيــد ...

සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රිය කරන; එමෙන්ම අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන්ව ප්රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය පිරිනමමි. ඔහුගේ අතින් අල්ලාහ් ජය හිමි කර දෙනු ඇත.” යැයි පැවසීය. පසුව ජනයා ඔවුන් අතර කවරෙකුට එය පිරිනමනු ඇත්දැයි බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ රාත්රිය ගත කළෝය. අළුයම උදා වූ කල්හි උදෑසනම තමන්ට එය පිරිනමනු ඇතැයි යන අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෝය. පසුව එතුමා: ‘අබූ තාලිබ්ගේ පුත් අලී කොහේදැ?’යි විමසූහ. එවිට ඔහු ඇස් අමාරුවෙන් පසුවන බව ප්රකාශ කරන ලදී. පසුව එතුමා පිරිසක් ඔහු වෙත යවා ඔහුව ගෙන්වා ගෙන ඔහුගේ දෑසට කෙළ තැවරූහ. ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළහ. ඔහුට වේදනාවක් ඇති නොවූවාක් මෙන් ඔහු සුව අතට පත් විය. පසුව ඔහුට ධජය පිරිනැමූහ. පසුව එතුමා ‘ඔවුන්ගේ වැලිකතරට ගොඩ බසින තෙක් සන්සුන්ව ගමන් කරන්න. පසුව ඔවුන්ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන්න. අල්ලාහ්ගේ අයිතිය විෂයයෙහි ඔවුනට අනිවාර්යය වන දෑ ඔවුනට දන්වා සිටින්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ් සමග හා ඔහුගේ දූතයාණන් සමග සම්බන්ධතාවක් ඇති අතිමහත් ගෞරවයක් ඇති මිනිසකු අතින් හෙට දින යුදෙව්වන් අබිබවා මුස්ලිම්වරු ජය ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහගාමීන්හට ශුභාරංචි දැන්වූහ. ඒ සඳහා සහගාමීහු අපේක්ෂාවෙන් සිටියහ. සෑම කෙනෙකුම එම යහපත ආශා කරන පුද්ගලයා වීමට අපේක්ෂා කළේය. ප්රතිඥා දෙන ලද ස්ථානයට ඔවුහු ගිය කල්හි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අලී තුමාව සෙවූහ. එතුමාට අත්වූ ඇස් අමාරුව හේතුවෙන් සහභාගී නොවූ බව දන්වන ලදී. පසුව හෙතෙම පැමිණියේය. පසුව එතුමාගේ භාග්යමත් කෙළවලින් ඔහුගේ ඇස් දෙක මත තැවරීය. ඔහුට දැනුනු වේදනාව සම්පූර්ණයෙන් ඉවත් විය. සේනාවේ නායකත්වය එතුමා ඔහුට පිරිනැමීය. සතුරන්ගේ බලකොටුවට සමීප වන තෙක්ම සන්සුන්ව ගමන් කරන මෙන් ද ඉස්ලාමය තුළට පිවිසෙන මෙන් ඔවුනට ඇරයුම් කරන මෙන්ද නියෝග කළේය. සැබැවින්ම එම ඇරයුම වනාහි, එක් මිනිසකුගේ යහමග ඔහුගේ අතින් සිදු වූ විට මෙලොව වස්තුවට වඩා එය ඔහුට උතුම් බව දන්වා සිටියහ. එසේ නම්, ඊටත් වඩා අධික ප්රමාණයකට ඔහුගේ අතින් යහමඟ අත් වූයේ නම් කෙසේ වන්නේද?

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර