ورُوي عن الحسن أنه قال: "لا يحل السحر إلا ساحر".
[حسن] - [رواه بنحوه ابن أبي شيبة والخطابي]
المزيــد ...

සැබැවින්ම හසන් තුමා විසින් වාර්තා කරන ලදී. “හූනියම් දන්නා අයකුට මිස හූනියම ලිහිය නොහැක.”
[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - ඉමාම් කත්තාබි එය වාර්තා කර ඇත]

විවරණය

මෙහි ප්රචාරය හූනියම ලිහීමය. හසන් තුමාගේ ප්රකාශයේ මතුපිටින් පෙනෙන්නේ පොදුවේ එය තහනම් කර ඇති බවයි. ඊට හේතුව හූනියම් ගැන දන්නා කෙනෙකුට මිස හූනියම ලිහීමට වෙනත් කිසිවකුට නොහැකි වීමය. හූනියම ඒ හා සමාන හූනියමකින් ලිහීම මෙහි අන්තර්ගත වී ඇත. එය ෂෙයිතාන්ගේ ක්රියාවකි. ඉබ්නු අල් කය්යුම් තුමා ඉන් ඇති වන දේ මෙසේ පැහැදිලි කළේය. හූනියම් කරන ලද්දකට අනුමත ප්රාර්ථනාවන් තුළින් හා අල් කුර්ආනය තුළින් ප්රතිකාර කිරීම අනුමත ක්රියාවකි. නමුත් එය හූනියම මගින් ප්රතිකාර කිරීම තහනම් කරන ලද්දකි.

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (17)
අමතර