عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «رَحِمَ الله رجلا ًقام من الليل، فَصَلى وأيْقَظ امرأته، فإن أَبَتْ نَضَحَ في وَجْهِهَا الماء، رَحِمَ الله امرأة قامت من الليل، فَصَلت وأَيْقَظت زوجها، فإن أَبَى نَضَحَت في وجْهِه الماء».
[حسن] - [رواه أبو داود وابن ماجه والنسائي وأحمد]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “රාත්රියේ නැගිට සලාත් ඉටු කොට තම බිරිය අවදි කරවා ඇය පිටුපාන විට ඇයගේ මුහුණට ජලය ඉසින මිනිසකුට අල්ලාහ් කරුණා කරත්වා! එමෙන්ම රාත්රියේ නැගිට සලාත් ඉටු කොට තම ස්වාමි පුරුෂයා අවදි කරවා ඔහු පිටුපාන විට ඔහුගේ මුහුණට ජලය ඉසින කාන්තාවකට අල්ලාහ් කරුණා කරත්වා!“
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම කවරෙකු රාත්රියේ අවදි වී, සලාතය ඉටු කර, සලාතය සඳහා තම බිරිය ද අවදි කරවා ඇයද තද නින්දට වැටී මැලිකමින් අවදි නොවන විට, ඇයගේ මුහුණට ජලය සුළුවෙන් ඉසින්නේද එවිට සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ ආශිර්වාදය ලබන්නට සුදුස්සකු වන්නේය. එසේ බිරියක් තම සැමියා සමග කටයුතු කළ ද අල්ලාහ්ගේ ආශිර්වාදය ලබන්නට සුදුස්සියක් වන්නීය යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර