عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ -وَكَانَ غَزَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثِنْتَيْ عَشْرَةَ غَزْوَةً- قَالَ: سَمِعْتُ أَرْبَعًا مِنَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَعْجَبْنَنِي، قَالَ:
«لاَ تُسَافِرِ المَرْأَةُ مَسِيرَةَ يَوْمَيْنِ إِلَّا وَمَعَهَا زَوْجُهَا أَوْ ذُو مَحْرَمٍ، وَلاَ صَوْمَ فِي يَوْمَيْنِ: الفِطْرِ وَالأَضْحَى، وَلاَ صَلاَةَ بَعْدَ الصُّبْحِ حَتَّى تَطْلُعَ الشَّمْسُ، وَلاَ بَعْدَ العَصْرِ حَتَّى تَغْرُبَ، وَلاَ تُشَدُّ الرِّحَالُ إِلَّا إِلَى ثَلاَثَةِ مَسَاجِدَ: مَسْجِدِ الحَرَامِ، وَمَسْجِدِ الأَقْصَى، وَمَسْجِدِي هَذَا».
المزيد
අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: එතුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ සටන් දොළහකට සහභාගී වූ අයකු වේ. හෙතෙම මෙසේ පැවසීය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු හතරකට සවන් දී ඇත්තෙමි. එය මට පුදුමය දනවන්නක් විය.
"කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය. දින දෙකක උපවාසයේ නිරත නොවිය යුතුය. එනම්: අල්-ෆිත්ර් (උත්සව දින) සහ අල්-අළ්හා (උත්සව දින). සුබ්හු සලාතයෙන් පසු ඉර උදාවන තුරු හෝ අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු සලාතයක් නොකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හැර විශේෂ වන්දනා ගමනක් නොකළ යුතුය."