عن عبد الله بن مسعود رضي الله عنه قال: علمنا رسول الله صلى الله عليه وسلم خطبة الحاجة: إن الحمد لله، نستعينه ونستغفره، ونعوذ به من شرور أنفسنا، من يهد الله، فلا مضل له، ومن يضلل، فلا هادي له، وأشهد أن لا إله إلا الله، وأشهد أن محمدا عبده ورسوله، " يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ والأرحام إن الله كان عليكم رقيبا} [النساء: 1] ، {يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون} [آل عمران: 102] ، {يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا (70) يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما} [الأحزاب:70 - 71].
[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه والنسائي وأحمد]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍යය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ අපට ඉගැන්වූහ. එනම්: “
“නියත වශයෙන්ම සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. අපි ඔහුගෙන් උදව් පතමු. ඔහුගෙන් සමාව අයැදිමු. අපගේ ආත්මාවන්හි නපුරුකම්වලින් ආරක්ෂාව ඔහුගෙන් පතමු. අල්ලාහ් කවරෙකුට යහමග පෙන්වන්නේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත. නැමදුමට සුද්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි.”
“අහෝ මිනිසුනි! එක ම ආත්මයකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේ ඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.” (සූරා අන්-නිසා: 1)
“අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.” (ආලු ඉම්රාන්: 102)
"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශයෙන් ප්‍රකාශ කරනු. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, ඔහුගෙන් උදව් පැතීම, සියලු හානිදායක දැයින් මිදීමට ඔහු වෙත යොමුවීම, ශුද්ධ වූ වැකි පාරායනය කිරීම යන මේ එකතුව දේශනාවක් සඳහා ආගමානුගත කර ඇති බවට ඉබ්නු මස්ඌද් තුමාගේ හදීසය පෙන්වා දෙයි. ජනයා අතර අල් කුර්ආනය, සුන්නාහ්, ආගමික අවබෝධය දේශනා කරන විටත් ඔවුනට උපදෙස් දෙන විටත් මෙය ඉදිරිපත් කිරීම අවශ්‍යය වේ. මෙය විවාහයට පමණක් විශේෂිත වූවක් නොවේ. මෙය සියලුම අවශ්‍යතා සඳහා සිදු කරනු ලබන දේශනයකි. එය එහි සමෘද්ධිය උසුලා ඇත. ඉදිරිපත් කරන දෑහි යහපත් ප්‍රතිඵල ඒ සඳහා වනු ඇත. මෙය ඉතා වැදගත් සුන්නාවකි.