+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«مَنْ صَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 38]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 38]

විවරණය

කවරෙකු රමළාන් මාසයේ අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් උපවාසයේ අනිවාර්යය භාවය හා උපවාසකරුවන්ට උත්තරීතර අල්ලාහ් සූදානම් කර ඇති අතිමහත් කුසල් හා තිළිණ පිළිබඳ සහතික කරමින් කිසිදු ප්‍රදර්ශනයකින් හෝ මුහුණිච්ඡාවෙන් තොරව එමගින් උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වන්නේ ද ඔහු අතීතයේ කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.

හදීසයේ හරය

  1. රමළාන් උපවාසයේ මෙන්ම සෙසු දැහැමි කටයුතුවල දී තිබිය යුතු අවංකභාවයේ මහිමය හා එහි වැදගත්කම.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර