عن أبي قتادة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «من سَرَّهُ أَن يُنَجِّيَه الله من كَرْبِ يوم القيامة، فَلْيُنَفِّسْ عن مُعْسِر أو يَضَعْ عنه».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්රකාශ කරන ලදී. "c2">“කවරෙකුට, තමන්ව අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන් මුදවා ගනු ලැබීම සතුට දනවන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට හුස්ම ගන්නට ඉඩ දිය යුතුය. එසේ නැතහොත් ඔහුගෙන් ඉවත තැබිය යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

හදීසයේ තේරුම: "c2">“කවරෙකුට සතුට දනවන්නේ ද” එනම්: ඔහුට සතුට ගෙන දෙන්නේ ද ප්රිය ඇති කරන්නේ ද, "c2">“අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන් මුදවා ගනු ලැබීම” එනම්: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇති වන ව්යසනයන් හා දුෂ්කරතාවලින් ඔහුව ඔහු මුදවා ගැනීම. "c2">“ඔහු දුෂ්කරතා ඇත්තාට හුස්ම ගන්නට ඉඩ දිය යුතුය.” එනම්: ණය පියවීමේ කාලය අවසන් වූ වහාම ණය ඉල්ලා සිටීම ප්රමාද කළ යුතුය. ණය පියවීමට ප්රමාණවත් දෑ ඔහුට හිමිවන තෙක් ඔහු වෙනුවෙන් කාලය දීර්ග කළ යුතුය. "c2">“එසේ නැතහොත් ඔහුගෙන් ඉවත තැබිය යුතුය.” එනම් ඔහු මත වූ ණය සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ නොසලකා හැරිය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත. “දුෂ්කරතා ඇත්තකු වී නම් පහසුකම් ලැබෙන තෙක් අපේක්ෂා කරනු. නුඹලා දන්නෙහු නම් නුඹලා දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපත වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර