+ -

عن أَبِي مُوسَى الأَشْعَرِيِّ رضي الله عنه: أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم قَالَ:
«مَنْ صَلَّى ‌الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ»

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 574]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 574]

විවරණය

සිසිල් අවස්ථාවන් ‌දෙකෙහි කරනු ලබන සලාතයන් උනන්දුවෙන් ඉටු කළ යුතු බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගැන්වීම. එනම් ෆජ්ර් හා අසර් යන සලාත් දෙකයි. එහි වගකීම ඉටු කිරීම පිණිස නියමිත වේලාවෙහි හා සාමුහිකව ඉටු කිරීම සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතු සාධකයක් වන බව ශුභාරංචි දන්වා සිටියේය.

හදීසයේ හරය

  1. ෆජ්ර් හා අසර් සලාත් අවධානයෙන් ඉටු කිරීමේ මහිම ය. සැබැවින්ම ෆජ්ර් සලාතය සැපට නින්ද යන අවස්ථාවේ පිහිටා ඇති අතර අසර් සලාතය මිනිසා තම වැඩකටයුතු සඳහා නිරතවන අවස්ථාවේ පිහිටා ඇත. එහෙයින් කවරෙකු ඒ දෙක අවධානයෙන් ඉටු කළේ ද එය සෙසු සලාතයන් සඳහා අවධානය යොමු කිරීමට වඩා වැදගත් වන්නේය.
  2. ෆජ්ර් හා අසර් සලාතයන් "අල්-බර්දයින්" සිසිල් අවස්ථාවන් දෙක යැයි නම් කර ඇත්තේ, ඇත්තෙන්ම ෆජ්ර් සලාතය පිහිටා ඇත්තේ රාත්‍රියේ සිසල පවතින වේලාවේය. අසර් සලාතය පිහිටා ඇත්තේ දහවලේ සිසිල පවතින වේලාවේය. එය උණුසුම් වේලාවක වුව ද ඊට පෙර වේලාවේ පැවති උණුසුමට වඩා අඩු ය. එසේ නැතහොත් හිරුට හා සදුට, සඳු දෙකක් යැයි පවසනු ලබන්නාක් මෙන් අබිබවනය යන විෂය යටතේ නම් කර තිබෙන්නට පුළුවන.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الأوكرانية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර