1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් “සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا:
أَنَّ رَجُلًا سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الإِسْلاَمِ خَيْرٌ؟ قَالَ: «تُطْعِمُ الطَّعَامَ، وَتَقْرَأُ السَّلاَمَ عَلَى مَنْ عَرَفْتَ وَمَنْ لَمْ تَعْرِفْ».

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
“සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ.

صحيح متفق عليه صحيح البخاري - 12

විවරණය

ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ කරුණු දෙකක් සිහිපත් කළහ.
පළමුවැන්න: දිළිඳුන් හට අධිකව ආහාර සැපයීමය. එහි සදකා නම් දානය, පරිත්‍යාග, ආගන්තුක සත්කාර හා විවාහ සංග්‍රහය යනාදිය ඇතුළත් වේ. සාගින්නෙන් පෙළෙන අවස්ථාවල හා ජීවන වියදම ඉහළ යන අවස්ථාවල එසේ ආහාර සැපයීම වඩාත් උතුම් වේ.
දෙවැන්න: ඔබ හඳුනන හා නාඳුනන සෑම මුස්ලිම්වරයකුටම සලාම් පැවසීම.

හදීසයේ හරය

  1. මෙලොවට හා මතුලොවට ප්‍රයෝජනවත් කරුණු දැනගැනීම සඳහා සහාබාවරුන්ට තිබූ දැඩි උනන්දුව.
  2. සලාම් පැවසීම හා ආහාර සැපයීම ඉස්ලාමයේ ක්‍රියා දාමයන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨතම ක්‍රියාවන් වන්නේය. හේතුව, එහි මහිමයන් ඇති බැවින් හා සෑම මොහොතකම ඒ වෙත මිනිස් අවශ්‍යතා ඇති බැවිනි.
  3. මෙම කරුණු දෙක සමඟ වචනය මෙන්ම ක්‍රියාව ඒකාබද්ධ වෙයි. එය ඉහ්සාන් හෙවත් උපකාරයේ පූර්ණත්වයයි.
  4. මෙම කරුණු මුස්ලිම්වරුන් අතර කටයුතු කිරීම හා බැඳුණු කරුණු අතරට අයත්ය. ගැත්තෙකු තම පරමාධිපති සමග කටයුතු කිරීම හා බැඳුණු කරුණු ද මෙහි ඇත.
  5. සලාම් පවසා ආරම්භ කිරීම මුස්ලිම්වරුන් අතර සුවිශේෂීය. නමුත් දේවත්වය ප්‍රතික්ෂ්ප කරන මිත්‍යාදෘෂ්ටිකයෙකු කෙරෙහි සලාම් පවසා ආරම්භ නොකළ යුතුය.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية