+ -

عن المِقْدَادُ رضي الله عنه في حديثه الطويل: كنا نَرَفَعُ للنبي صلى الله عليه وسلم نَصِيبَهُ من اللَّبَنِ ، فَيَجِيءُ من الليل، فَيُسَلِّمُ تسليما لا يُوقِظُ نائما، ويُسْمِعُ اليَقْظَانَ، فجاء النبي صلى الله عليه وسلم فَسَلَّمَ كما كان يُسَلِّمُ.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අපි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙනුවෙන් එතුමාගේ කිරි පංගුව වෙන් කර තබන්නන් වූයෙමු. එවිට එතුමා රාත්රියෙහි පැමිණෙයි. පසුව නිදන්නෙකු අවදි නොකර, අවදිව සිටින්නන්ගේ කණට පමණක් වැකෙන අයුරින් සලාම් පවසයි. එවිට ඔහු ද නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ එතුමාණන් සලාම් කියූ අයුරින් සලාම් පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මික්දාද් තුමා හා ඔහු සමග සිටි මිතුරෝ -රළියල්ලාහු අන්හුම්- එළු කිරි දොවා ඔවුන්ගේ කිරි පංගුව පානය කොට, සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පැමිණ එය පානය කරන තෙක් එතුමාගේ පංගුව වෙන් කර තබති. පසුව ඔවුන් රාත්රියේ නිදාගෙන සිටියදී එතුමාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් වෙත පැමිණ හඬ උස් නොකර, පහත් හඬින් ඔවුනට සලාම් පැවසූහ. එය නිදන්නා අවදි කරවන අයුරින් නොවීය. එමෙන්ම එය ඔවුන් අතුරින් අවදිව සිටින්නාට ඇසෙන්නට තරම් විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර