عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا انْتَهَى أَحَدُكُمْ إِلَى الْمَجْلِسِ فَلْيُسَلِّمْ، فَإِذَا أَرَادَ أَنْ يَقُومَ فَلْيُسَلِّمْ، فَلَيْسَتِ الْأُولَى بِأَحَقَّ مِنَ الْآخِرَةِ».

[حسن] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد] - [سنن أبي داود: 5208]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد] - [سنن أبي داود - 5208]

විවරණය

කිසියම් කෙනෙකු රැස්ව සිටින සභාවකට ගිය විට, ඔහු ඔවුනට සලාම් පැවසිය යුතු බවත්, ඔහු ඉන් නැගිට යන්නට සිතූ විට සලාම් පවසා සමුගත යුතු බවත් පැමිණෙන අවස්ථාවේ පවසනු ලබන පළමු සලාමය, පිටත්ව යන අවස්ථාවේ අවසානයට පවසන සලාමයට වඩා උතුම් නොවන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පවසා මඟ පෙන්වූහ.

හදීසයේ හරය

  1. සලාමය පතුරුවා හැරීමට දිරි ගැන්වීම.
  2. සභාවක් මුණ ගැහෙන අවස්ථාවක හා ඉන් හැරී යන අවස්ථාවක එම සභාවේ උදවියට සලාම් පැවසීමට උනන්දු කරවීම.
  3. සින්දී තුමා මෙසේ පවසයි: "නැගිට සිටින්නට සිතූ විට" යන ප්‍රකාශය වනාහි, එනම් වාඩි වී සිටින සභාවකින් නැගිට සිටීම යන්නයි. "පළමුව අවාසානයට වඩා උතුම් වන්නේ නැත." යන ප්‍රකාශය වනාහි, දෙකම නබි පිළිවෙතක් වන අතර යථාර්ථයෙන්ම කළ යුතු ක්‍රියාවකි. නමුත් පළමු සලාමය පැවසීම සහතික කරමින් දෙවන සලාමය අත් හැරීමට මගක් නැත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية الموري Kannada الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර