عن أبي موسى الأشعري رضي الله عنه أَنَّهُ تَوَضَّأ في بيتِهِ، ثُمَّ خَرَج، فقَال: لَأَلْزَمَنَّ رسُول الله صلى الله عليه وسلم ولَأَكُونَنَّ مَعَهُ يَومِي هَذَا، فَجَاءَ الْمَسْجِدَ، فَسَألَ عَنِ النبيِّ -صلَّى الله عليه وسلَّم- فَقَالُوا وَجَّهَ هَاهُنَا، قال: فَخَرَجْتُ عَلَى أَثَرِهِ أَسأَلُ عنْهُ، حتَّى دخَلَ بِئْرَ أَرِيسٍ، فَجَلَستُ عِندَ البَابِ حتَّى قَضَى رسُولُ الله -صلَّى الله عليه وسلَّم- حَاجَتَهُ وَتَوَضَّأ، فَقُمتُ إِلَيهِ، فَإِذَا هُوَ قَدْ جَلَسَ عَلَى بِئْرِ أَرِيسٍ وَتَوَسَّطَ قُفَّهَا، وكَشَفَ عَنْ سَاقَيهِ وَدلَّاهُمَا فِي البِئرِ، فَسَلَّمتُ علَيه ثُمَّ انْصَرَفْتُ، فَجَلَسْتُ عِند البَابِ، فقُلتُ: لأَكُونَنَّ بَوَّابَ رسُول الله -صلَّى الله عليه وسلَّم- اليَومَ، فجَاءَ أَبُو بَكر -رضِيَ الله عنْهُ- فَدَفَعَ البَابَ، فقُلتُ: مَنْ هَذَا؟ فَقَالَ: أَبُو بَكْرٍ، فقُلتُ: عَلَى رِسْلِكَ، ثُمَّ ذَهَبتُ، فَقُلْتُ: يَا رسُولَ الله، هَذَا أبُو بكرٍ يَسْتَأذِنُ، فقَالَ: «ائْذَنْ لَهُ وَبَشِّرْهُ بِالجَنَّةِ» فَأَقْبَلْتُ حتَّى قُلتُ لَأَبِي بَكْرٍ: ادْخُلْ وَرَسُولُ الله -صلَّى الله عليه وسلَّم- يُبَشِّرُكَ بِالْجَنَّةِ، فَدَخَلَ أَبُو بَكرٍ حَتَّى جَلَسَ عَن يَمِينِ النبيِّ -صلَّى الله عليه وسلَّم- مَعَهُ فِي القُفِّ، ودَلَّى رِجْلَيهِ فِي البِئْرِ كَمَا صَنَعَ رَسُولُ الله -صلَّى الله عليه وسلَّم- وَكَشَفَ عَنْ سَاقَيهِ، ثُمَّ رَجَعْتُ وَجَلَسْتُ، وَقَدْ تَرَكْتُ أَخِي يَتَوَضَّأ وَيَلْحَقُنِي، فَقُلْتُ: إِنْ يُرِدِ اللهُ بِفُلاَنٍ - يُريِدُ أَخَاهُ - خَيرًا يَأتِ بِهِ، فَإِذَا إِنسَانٌ يُحَرِّكُ البَّابَ، فقُلتُ: مَنْ هَذَا؟ فقَالَ: عُمَرُ بن الخَطَّابِ، فقُلتُ: عَلَى رِسْلِكَ، ثُمَّ جِئْتُ إِلَى رسُول الله -صلَّى الله عليه وسلَّم- فَسَلَّمْتُ عَلَيهِ وقُلْتُ: هَذَا عُمَرُ يَسْتَأْذِنُ؟ فَقَال: «ائْذَنْ لَهُ وَبَشِّرْهُ بِالجَنَّةِ» فَجِئْتُ عُمَرَ، فَقُلتُ: أَذِنَ وَيُبَشِّرُكَ رَسُولُ الله -صلَّى الله عليه وسلَّم- بِالجَنَّةِ، فَدَخَلَ فَجَلَسَ مَعَ رسُولِ الله -صلَّى الله عليه وسلَّم- فِي القُفِّ عَنْ يَسَارِهِ وَدَلَّى رِجْلَيهِ فِي البِئْرِ، ثُمَّ رَجَعْتُ فَجَلَسْتُ، فَقُلتُ: إِن يُرِدِ اللهُ بِفُلاَنٍ خَيرًا -يعنِي أَخَاهُ- يَأتِ بِهِ، فَجَاءَ إِنسَانٌ فَحَرَّكَ البَابَ، فقُلتُ: مَنْ هَذَا؟ فقَالَ: عُثمَانُ بنُ عَفَّان، فقُلتُ: عَلَى رِسْلِكَ، وَجِئتُ النبِيَّ -صلَّى الله عليه وسلَّم- فَأَخبَرتُهُ، فقَالَ: «ائْذَنْ لَهُ وَبَشِّرهُ بِالجَنَّةِ مَعَ بَلوَى تُصِيبُهُ» فَجِئتُ، فقُلتُ: ادْخُل وَيُبَشِّرُكَ رسُول الله -صلَّى الله عليه وسلَّم- بِالجَنَّةِ مَعَ بَلوَى تُصِيبُكَ، فَدَخَلَ فَوَجَدَ القُفَّ قَدْ مُلِئَ، فَجَلَسَ وِجَاهَهُم مِنَ الشِقِّ الآخَرِ.
قال سعيد بنُ الْمُسَيِّبِ: فَأَوَّلْتُهَا قُبُورَهُم.
وزاد في رواية: وَأَمَرَنِي رسُول الله -صلَّى الله عليه وسلَّم- بِحفظِ البابِ، وفيها: أنَّ عُثمَانَ حِينَ بَشَّرَهُ حَمِدَ الله -تَعَالَى-، ثُمَّ قَالَ: اللهُ الْمُسْتَعَانُ.
[صحيح] - [الرواية الأولى:
متفق عليها:
البخاري: (ج5/8، ح3674) واللفظ له (ج5/13، ح3695) (ج9/54، ح7097).
مسلم: (ج4/1868، ح2403).
الرواية الثانية:
الزيادة الأولى: "وَأَمَرَنِي رسُول الله صلَّى الله عليه وسلَّم بِحفظِ البابِ" أخرجها البخاري في صحيحه: (ج9/89، ح7262).
وأما الزيادة الثانية: "أنَّ عُثمَانَ حِينَ بَشَّرَهُ حَمِدَ الله تَعَالَى، ثُمَّ قَالَ: اللهُ الْمُسْتَعَانُ"، فقد أخرجها البخاري أيضا: (ج8/48، ح6216)]
المزيــد ...
අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා තම නිවසෙහි වුළු දෝවනය කොට පසුව පිටත්ව ගියහ. එවිට එතුමා: මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමගම කාලය ගත කරමි. අද මේ මාගේ දිනය එතුමා සමඟම සිටිමි. යැයි පැවසීය. පසුව ඔහු මස්ජිදයට පැමිණියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ගැන විමසා සිටියේය. එවිට ඔවුහු: එතුමා ඒ දෙසට ගියහැයි පැවසූහ. පසුව මම එතුමාගේ සළකුණ ඔස්සේ අරීස් නමැති ළිද තෙක් එතුමා ගැන විමසමින් ගියෙමි. පසුව අල්ලාහ්ගේ දූතයාණන් තම ශාරීරික අවශ්යතා සපුරා ගෙන වුළු ගන්නා තෙක් මම දොර ළඟට වී වාඩිවී සිටියෙමි. පසුව මම එතුමා වෙත නැගිට ගියෙමි. එවිට එතුමා අරීස් නමැති ළිඳ මත වාඩිවී සිටියහ. එහි ගැට්ටේ මැදට වී, තම කෙණ්ඩ නිරාවරණය වූ තත්ත්වයේ දෙපා ළිඳ තුළට එල්ලෙන්නට සළස්වා සිටියහ. එවිට මම එතුමාණන්ට සලාම් පවසා පසුව හැරී ගොස් දොරකඩ වාඩි වී, සැබැවින්ම මම අද දින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ දොරටු පාලකයා වන්නෙමි යැයි පැවසුවෙමි. එවිට අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා පැමිණ දොරටුව තට්ටු කළහ. එවිට මම: මේ කවුද? යැයි විමසුවෙමි. එවිිට එතුමා: අබූ බක්ර් යැයි පවසා සිටියහ. එවිට මම: ඔබ මදක් රැඳී සිටින්න යැයි පවසා පසුව මම (නබි තුමාණන් වෙත) ගොස්: අල්ලාහ්ගේ දූතයාණනි, මේ අබූ බක්ර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ ඔහුට අවසර දෙන්න. තවද ස්වර්ගය පිළිබඳ වූ ශුභාරංචියද ඔහුට දන්වා සිටින්නැයි පවසා සිටියහ. පසුව මම පැමිණ අබූ බක්ර් තුමාට : පිවිසෙන්න අල්ලාහ්ගේ දූතයාණෝ ඔබට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වා සිටියහ යැයි පැවසුවෙමි. පසුව අබූ බක්කර් තුමා පිවිස, අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තම කෙණ්ඩ නිරාවරණය කරමින් තම දෙපා ළිඳ තුළට එල්ලෙන්නට සළස්වා තිබිණාක් මෙන් එතුමා ද එතුමාණන්ට දකුණතින් එතුමාණන් සමඟ ළිං ගැට්ට මත වාඩි වූහ. පසුව මම හැරී ගොස් වාඩි වූයෙමි. මගේ සහෝදරයා වුළු ගෙන මා සමග සේන්දු වන්නට මම ඔහුව අතහැර දමා අල්ලාහ් මොහු -තම සහෝදරයා- ගැන යහපත අපෙක්ෂා කර ඇත්නම් ඔහු ද ගෙන එනු ඇතැයි පැවසුවෙමි. එවිට මිනිසෙකු දොර සොළවන්නට විය. මේ කවුදැයි මම විමසා සිටියෙමි. එවිට උමර් ඉබ්නු කත්තාබ් යැයි ඔහු පවසා සිටියහ. මඳක් රැඳී සිටින්නැයි පැවසුවෙමි. පසුව මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වෙත ගොස් සලාම් පවසා, මේ උමර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා: ඔබ ඔහුට අවසර දෙන්න. එමෙන්ම ස්වර්ගය පිළිබඳ සුභාරංචි දන්වන්න යැයි පැවසූහ. පසුව මම උමර් වෙත පැමිණ ඔබට එතුමා අවසර දුන්හ. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ස්වර්ගය පිළිබඳ ඔබට ශුභාරංචි දන්වා සිටියහ. යැයි පැවසුවෙමි. පසුව එතුමාද පිවිස අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වමතින් තම කෙණ්ඩ නිරාවරණය කර ගනිමින් තම දෙපා එල්ලෙන්නට සළස්වා ලිං ගැට්ට මත වාඩි වූහ. පසුව මම හැරී ගොස් වාඩි වූයෙමි. මෙම පුද්ගලයාට අල්ලාහ් යහපත පැතුවේ නම් ඔහුද ගෙන එනු ඇත යැයි පැවසුවෙමි. එවිට මිනිසෙකු පැමිණ දොරටුව සෙළෙව්වේය. එවිට මම මේ කවුදැයි විමසුවෙමි. එවිට ඔහු: උස්මාන් ඉබ්නු අෆ්ෆාන් යැයි පිළිතුරු දුන්හ. ඔබ මඳක් රැඳී සිටින්නැයි පවසා මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ ඔහු ගැන දන්වා සිටියෙමි. එවිට එතුමා “ඔබ ඔහුට අවසර දෙන්න. ඔහුට ඇතිවන පරීක්ෂණය සමගම ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දෙන්න.යැයි පැවසූහ. පසුව මා පැමිණ ඔබ පිවිසෙන්න. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔබට ඇතිවන පරීක්ෂණය සමගම ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දුන්හ යැයි පැවසුවෙමි. පසුව එතුමා පිවිසුණහ. ළිං ගැට්ට පිරී පවතිනු දුටුහ. ඔවුනට මුහුණලා තවත් පැත්තකින් වාඩි වූහ.
සඊද් ඉබ්නු අල් මුසය්යිබ් තුමා: ඔවුන්ගේ මිණීවලවල් එසේ පිහිටා ඇතැයි මම අර්ථවත් කර ගත්තෙමි යැයි පැවසූහ.
තවත් වාර්තාවක මීට අමතරව: අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එම දොරටුව ආරක්ෂා කරන මෙන් මට නියෝග කළහ. එහිදී උස්මාන් තුමා තමන්ට ශුභාරංචි දුන් මොහොතේ අල්ලාහ්ට ප්රශංසා කොට අල්ලාහුල් මුස්තආන් (උදව් පතනු ලබන්නා අල්ලාහ්) යැයි පවසා සිටියේය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසයේ මෙසේ සඳහන්ව ඇත.: දිනක් ඔහු තම නිවසේ වුළු ගෙන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සොයමින් පිටතට පැමිණියේය. ‘සැබැවින්ම අද මාගේ මෙදින මම අල්ලාහ්ගේ දූතයාණන් සමග වෙමි.‘ එනම් ‘එතුමා සමගම යමි එමි‘ යැයි පැවසූහ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව සොයා මස්ජිදයට පැමිණියේය. හේතුව ඇතැම් විට අල්ලාහ්ගේ දූතයාණන්, මස්ජිදයේ වන්නට පුළුවන. එසේ නැතිනම් එතුමාගේ නිවසේ එතුමා තම පවුල සමඟ සිටිනු ඇත. එසේත් නැතිනම් තම මිතුරන්ගේ යහපත උදෙසා කටයුතු කරනවා ඇත. නමුත් ඔහු එතුමාණන්ව මස්ජිදයේ දුටුවේ නැත. එතුමාණන් ගැන විමසා සිටියහ. එවිට ඔවුහු එතුමා මේ දිශාවට ගිය පවසා අරීස් වෙත සංඥා කර පෙන්වූවෝය. එය කුබා අවට තිබූ ළිඳකි. අබූ මූසා තුමා ඒ සළකුණු ඔස්සේ එම ළිං සමීපයට ගියහ. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එහි සිටිනු දුටුවේය. ළිඳ පිහිටි වත්තෙහි දොරටුව අසළ ඔහු -රළියල්ලාහු අන්හු- තුමා රැඳී සිටියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම ශාරීරික අවශ්යතා සපුරාගත් පසු වුළු ගෙන ළිං බැම්ම මැද වාඩි වූහ. එනම් ළිඳ වටා පිහිටි බැම්මය. එතුමාගේ දෙපා එල්ලෙනට විය. එතුමාගේ කෙණ්ඩය නිරාවරණය වී තිබිණ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ආරක්ෂකයකු සේ ළිං දොරටුව ආරක්ෂා කරමින් එම දොරටුව අසළ සිටියේය. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු තුමා අවසර පැතූහ. නමුත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එය දන්වා සිටින තෙක් අබූ මූසා තුමා ඔහුට අවසර නොදුන්නේය. එතුමා නබි තුමා වෙත ගොස්: ‘මේ අබූ බක්ර් ඔබෙන් අවසර පතන්නේය යැයි පැවසීය. එවිට එතුමා: ඔහුට අවසර දෙන්න එමෙන්ම ස්වර්ගය ගැන සුභාරංචියද දෙන්න යැයි පැවසූහ. පසුව ඔහු එතුමාට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් ස්වර්ගය පිළිබඳ ඔබට ශුභාරංචි දන්වා සිටියහ යැයි පැවසීය. මෙම මහඟු ශුභාරංචියකි. ස්වර්ගය පිළිබඳ ඔහුට සුභාරංචිය දී පසුව අල්ලාහ්ගේ දූතයාණන් සමග වන්නට පිවිසෙන මෙන් එතුමාට අවසර දුන්නේය. එවිට එතුමා පිවිසුණහ. නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ලිං බැම්ම මධ්යයේ වාඩි වී සිටිනු දුටුහ. පසුව එතුමාණන්ගේ දකුණත පැත්තෙන් එතුමාද වාඩි වූහ. හේතුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සෑම දෙයකම දකුණතට ප්රිය කළ බැවිනි. ඒ අනුව අබූ බක්ර් තුමා එතුමාණන්ගේ දකුණතින් වාඩි වූහ. එම ඉඳුමෙහි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට වෙනස් ලෙස කටයුතු කිරීම එතුමා පිළිකුල් කළ බැවින් එතුමාද එතුමාණන් මෙන් තම කෙණ්ඩ නිරාවරණය කරමින් ළිඳ තුළට තම දෙපා එල්ලෙන්නට සළස්වා වාඩි වූහ. එවිට අබූ මූසා තම සහෝදරයාව වුළු ගෙන එන්නට ඉඩ හැරීයේය. අල්ලාහ් ඔහු ගැන යහපතක් අභිමත කර ඇත්නම් ඔහු පැමිණ අවසර පැතූ විට ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ඔහුට හිමිවනු ඇතැයි ප්රිය කළහ. නමුත් දෙවන මිනිසා ද අවසර පැතූහ. එවිට අබූ මූසා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ: මෙන්න උමර් යැයි පවසා සිටියේය. එවිට එතුමා ඔහුට අවසර දෙන්න ස්වර්ගය පිළිබඳ ඔහුට ශුභාරංචිය දෙන්න යැයි පැවසූහ. පසුව ඔහුට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ඔබට දන්වා සිටියහ යැයි පැවසීය. ඒ අනුව එතුමාද පිවිසුණහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබූ බක්ර් තුමාව ළිං බැම්ම මත සිටිනු දුටුහ. එතුමා දූතයාණන්ගේ වම් දෙසින් වාඩි වූහ. එය පටු ළිඳක් විය. මේ තුන් දෙනාම එකම පැත්තෙහි සිටියහ. පසුව උස්මාන් තුමා අවසර පැතූහ. අබූ මූසා තුමා කළින් අවසර පැතුවාක් මෙන්ම මෙවරද අවසර පැතූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා: ඔහුට අවසර දෙන්න එමෙන්ම ඔහුට ඇතිවන පරීක්ෂණයන් සමග ස්වර්ගය ඇතැයි ශුභාරංචි දෙන්න යැයි පැවසූහ. පසුව ඔහු එතුමාට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් ඔබට ඇතිවන පරීක්ෂණයන් සමග ස්වර්ගය ඇතැයි ශුභාරංචි දන්වා සිටියේය. ඔහුගේ අයිතිය තුළට ආශිර්වාදය හා පරීක්ෂණය යන දෙකම එකතු කළේය. එවිට එතුමා සියලු ප්රශංසා අල්ලාහ් සතුය. එම පරීක්ෂණය සඳහා අල්ලාහ් උදව් පතනු ලබන්නාය. එමෙන්ම එම ශුභාරංචි සඳහා සියලු ප්රශංසා අල්ලාහ්ටමය. පසුව එතුමා පිවිසුණහ. ළිං බැම්ම පිරී තිබෙනු දුටුහ. හේතුව එය විශාල එකක් නොවූ බැවිනි. එවිට ඔවුනට මුහුණ ලා තවත් පැත්තක ගොස් වාඩි වී එතුමාද තම කෙණ්ඩය නිරාවරණය කරමින් තම දෙපා එල්ලන්නට ඉඩ හැරියේය. සඊද් ඉබ්නු මුසය්යබ් තුමා -එතුමා තාබිඊන්වරුන් අතර සිටි ප්රධානීන් අතුරින් කෙනෙකි.- සැබැවින්ම එය ඔවුන් මිණීවලවල් පිහිටා ඇති අයුරින් බව අර්ථවත් කළේය. හේතුව ඔවුන් තුන්දෙනාගේම මිණීවලවල් එකම ස්ථානයේ විය. එනම් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇතුළුව අබූ බක්ර් හා උමර් තුමා යන සියල්ලගේ මිණීවලවල් එකම කාමරයක විය. ඔවුන් සියලු දෙනා එකම ස්ථානයක වළදමා තිබුණි. ඔවුහු මෙලොවේදීද එකට ගොස් එකටම නැවත හැරී ගිය උදවිය වූහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මා අබූ බක්ර් හා උමර් සමග එකට යමි. එමෙන්ම මා අබූ බක්ර් හා උමර් සමග එකට පැමිණෙමි.“ යැයි නිතර පවසන්නෙකු වූහ. ඔවුන් දෙදෙනා එතුමාගේ මිතුරන් මෙන්ම ඇමතිවරු වූහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මිණීවලවල්වලින් එකට බැහැර වෙති. ඔවුන් සියල්ලෝම මෙලොව හා මතුලොවෙහි එකටම සිටිති. ඔවුනට ඉදිරියෙන් උස්මාන් තුමාණන් වාඩි වූහ. ඔහුට ඇතිවන පරීක්ෂණය සමග ස්වර්ගය ඇති බවට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එතුමාට ශුභාරංචි දන්වා සිටියහ. මෙම පරීක්ෂණය වනාහි එතුමාට එරෙහිව ජනයා තුළ ඇති වූ මතභේදයයි. ඔවුහු බැහර වී එතුමාගේ නිවසේ එතුමාව ඝාතනය කළෝය. එතුමා මදීනාවේ තම නිවසේ අල් කුර්ආනය කියවමින් සිටියදී එතුමාණන්ව ඔවුහු ඝාතනය කළෝය. එවිට අල්ලාහ්ගේ ග්රන්ථය එතුමා ඉදිරියේ විය.