عن أبي جَمرة -نصر بن عمران الضُّبَعي- قال: «سألت ابن عباس عن المُتْعَةِ؟ فأمرني بها، وسألته عن الهَدْيِ؟ فقال: فيه جَزُورُ، أو بقرةٌ، أو شَاةٌ، أو شِرْكٌ في دم، قال: وكان ناس كرهوها، فنمت، فرأيت في المنام: كأن إنسانا ينادي: حَجٌّ مَبْرُورٌ، ومُتْعَةٌ مُتَقَبَّلَةٌ. فأتيت ابن عباس فحدثته، فقال: الله أكبر! سُنَّةُ أبي القاسم صلى الله عليه وسلم ». المزيد
අබූ ජමරා නස්ර් ඉබ්නු ඉම්රාන් අල්-ලුබඊ විසින් වාර්තා කරන ලදී. තමත්තුඃ ක්රමයට හජ් ඉටු කිරීම පිළිබඳ ව මම ඉබ්නු අබ්බාස් තුමාගෙන් විමසා සිටියෙමි. එවිට ඒ අනුව ඉටු කරන්නැයි එතුමා මට නියෝග කළේය. තවද (එහි ලබා දිය යුතු) සත්ව කැපය පිළිබඳ විමසුවෙමි. එවිට එතුමා එහි ඔටුවෙක් හෝ ගවයෙක් හෝ එළුවෙක් හෝ කැපයක් වශයෙන් පිහිටිය යුතුය. නැතහොත් කැපය හවුල්වීමකින් හෝ විය යුතු යැයි පැවසූහ. එය ජනයා පිළිකුල් කළාක් මෙන් විය. පසු ව මම නින්දට ගියෙමි. පිළිගන්නා ලද හජ් වන්දනාවකි පිළිගන්නා ලද තමත්තුඃ ක්රකමයෙකි යැයි මිනිසෙකු අමතන්නාක් මෙන් සිහිනයක් දුටුමි. පසු ව මම ඉබ්නු අබ්බාස් වෙත පැමිණ ඒ ගැන පැවසුවෙමි. එවිට එතුමාණන් අල්ලාහ් අති ශ්රේෂ්ඨය. අබුල් කාසිම් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත එය යැයි පැවසූහ.