عن أبي هريرة رضي الله عنه ، أن رسول الله صلى الله عليه وسلم قال: «لا تَبْدَؤوا اليهود والنصارى بالسَّلام، وإذا لَقِيتُمُوهُمْ في طريق، فاضْطَّرُّوهُمْ إلى أَضْيَقِهِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි අයිනෙන් ගමන් කිරීමට සළස්වනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ආගම් ලත් ජනයා වෙත සලාම් පවසා ආරම්භ කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වැළැක්වූහ. සැබැවින්ම ඔවුන් වෙත අපි සලාම් පැවසීම යනු ඔවුනට කරන ගෞරවයකි. දේවත්වය ප්රතික්ෂේප කළ තැනැත්තා එසේ ගෞරවය ලැබීමට සුදුස්සෙකු නොවේ. නමුත් අවශ්ය වූ විටෙක ‘ඔබේ සුවදුක් කෙසේද? ඔබේ උදෑසන කාලය කෙසේද? ඔබේ සවස් කාලය කෙසේද? වැනි ප්රශ්න විමසා සිටීම වරදක් වන්නේ නැත. ඊට හේතුව එසේ තහනම් කර ඇත්තේ ‘සලාම්’ පැවසීම පමණක් වන බැවිණි. එමෙන්ම ඔවුන් සඳහා මාර්ගයේ ඉඩ පහසුකම් ලබා නොදිය යුතු බවත් අපට අණ කර තිබේ. මුස්ලිම්වරයෙක් ආගම්ලත් කෙනෙකු මාර්ගයේ මුණ ගැසුණු විටෙක ඔහුව පාරේ කොණක් වෙත යොමු කළ යුතුය. මාර්ගයේ ප්රධාන කොටස මුස්ලිම්වරයා වෙනුවෙන් විවෘතව තැබිය යුතුයි. මෙය පටු මාර්ගයක සිටින අවස්ථාවක වේ. නමුත් ආගම් ලත් ජනයාට හිංසාවක් පමුණුවීම එහි හේතුවක් නොවිය යුතුය. මෙහි සඳහන් සමස්ත ප්රකාශයම, දැහැමිකම, යහපත සැලසීම, උපකාරයට උපකාරය වීම වැනි මාතෘකාවක් යටතේ වී නම් ඔවුන්ගේ සිත් ඇද ගනු වස් ඔවුන් සමග එසේ යහපත් අයුරින් ක්රියා කළ යුතුය. මුස්ලිම්වරුන්ගේ අත ඉහළින් පැවතිය යුතුය. නමුත් ඔවුනට පුදන පැතුමක් වශයෙන් සලාමය සමග ආරම්භ කිරීම, ඔවුනට කරන ගරු කිරීමක් වශයෙන් මාර්ගය මධ්යයේ ඔවුනට ඉඩ සලසා දීම වැනි ඔවුන් වෙත කරන ගෞරවය, බුහුමන් කිරීම හා උදාරත්වයට පත් කිරීම යන මැයෙන් සිතට අඟවන්නක් වී නම් එසේ ඔවුන් සමග කටයුතු නොකළ යුතුය.ආගම් ලත් ජනයා වෙත සලාම් පවසා ආරම්භ කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වැළැක්වූහ. සැබැවින්ම ඔවුන් වෙත අපි සලාම් පැවසීම යනු ඔවුනට කරන ගෞරවයකි. දේවත්වය ප්රතික්ෂේප කළ තැනැත්තා එසේ ගෞරවය ලැබීමට සුදුස්සෙකු නොවේ. නමුත් අවශ්ය වූ විටෙක ‘ඔබේ සුවදුක් කෙසේද? ඔබේ උදෑසන කාලය කෙසේද? ඔබේ සවස් කාලය කෙසේද? වැනි ප්රශ්න විමසා සිටීම වරදක් වන්නේ නැත. ඊට හේතුව එසේ තහනම් කර ඇත්තේ ‘සලාම්’ පැවසීම පමණක් වන බැවිණි. එමෙන්ම ඔවුන් සඳහා මාර්ගයේ ඉඩ පහසුකම් ලබා නොදිය යුතු බවත් අපට අණ කර තිබේ. මුස්ලිම්වරයෙක් ආගම්ලත් කෙනෙකු මාර්ගයේ මුණ ගැසුණු විටෙක ඔහුව පාරේ කොණක් වෙත යොමු කළ යුතුය. මාර්ගයේ ප්රධාන කොටස මුස්ලිම්වරයා වෙනුවෙන් විවෘතව තැබිය යුතුයි. මෙය පටු මාර්ගයක සිටින අවස්ථාවක වේ. නමුත් ආගම් ලත් ජනයාට හිංසාවක් පමුණුවීම එහි හේතුවක් නොවිය යුතුය. මෙහි සඳහන් සමස්ත ප්රකාශයම, දැහැමිකම, යහපත සැලසීම, උපකාරයට උපකාරය වීම වැනි මාතෘකාවක් යටතේ වී නම් ඔවුන්ගේ සිත් ඇද ගනු වස් ඔවුන් සමග එසේ යහපත් අයුරින් ක්රියා කළ යුතුය. මුස්ලිම්වරුන්ගේ අත ඉහළින් පැවතිය යුතුය. නමුත් ඔවුනට පුදන පැතුමක් වශයෙන් සලාමය සමග ආරම්භ කිරීම, ඔවුනට කරන ගරු කිරීමක් වශයෙන් මාර්ගය මධ්යයේ ඔවුනට ඉඩ සලසා දීම වැනි ඔවුන් වෙත කරන ගෞරවය, බුහුමන් කිරීම හා උදාරත්වයට පත් කිරීම යන මැයෙන් සිතට අඟවන්නක් වී නම් එසේ ඔවුන් සමග කටයුතු නොකළ යුතුය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර