عن أبي ذر رضي الله عنه قال: قال لي النبي صلى الله عليه وسلم:
«لَا تَحْقِرَنَّ مِنَ الْمَعْرُوفِ شَيْئًا، وَلَوْ أَنْ تَلْقَى أَخَاكَ بِوَجْهٍ طَلْقٍ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2626]
المزيــد ...

මට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ අල්ප ලෙස නොසිතන්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2626]

විවරණය

යහපත් කටයුතු සිදු කරන මෙන් ද එය අල්ප වුවද ඒ ගැන හෑල්ලුවෙන් නොසිතන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු කළහ. ඒ අතරින් සිනහමුසු මුහුණින් හමුවීම ද එකකි. මුස්ලිම් සහෝරයාගේ ලෙන්ගතුකම ඇති කරන, ඔහු තුළ සතුට ඇතුළත් කරන දෑ එහි ඇතුළත්ව ඇති බැවින් ඒ සඳහා උනන්දු කිරීම මුස්ලිම්වරයා සතු වගකීමකි.

හදීසයේ හරය

  1. මුස්ලිම්වරුන් අතර පවතින අන්‍යෝන්‍ය ආදරය, ඔවුන් හමුවන අවස්ථාවේ සිනහ පෑම හා සුබ පැතීම යනාදියෙහි මහිමය.
  2. මෙම ෂරියා හි පරිපූර්ණත්වය සහ විස්තීර්ණ බව. සැබැවින්ම එය මුස්ලිම්වරුන්ගේ ධර්මිෂ්ඨකම සහ ඔවුන්ගේ වචනය ඒකාබද්ධ කිරීම සඳහා එහි ඇති සියල්ල ගෙනැවිත් ඇත.
  3. අල්ප වුව ද යහපත් ක්‍රියාවන්හි නිරත වීමට උනන්දු කරවීම.
  4. මුස්ලිම්වරුන් වෙත සතුට ගෙන ඒම සතුටු දායක ක්‍රියාවකි. මක්නිසාදයත් සැබැවින්ම එය ඔවුන් අතර වන ලෙන්ගතුකම සහතික කරන බැවිනි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර