عَنِ الْبَرَاءِ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَا مِنْ مُسْلِمَيْنِ يَلْتَقِيَانِ فَيَتَصَافَحَانِ إِلَّا غُفِرَ لَهُمَا قَبْلَ أَنْ يَفْتَرِقَا».
[صحيح بمجموع طرقه] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود: 5212]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බරාඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
[صحيح بمجموع طرقه] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود - 5212]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින් මුස්ලිම්වරුන් දෙදෙනෙකු යම් මාර්ගයක හෝ එවැනි යම් ස්ථානයක හෝ මුණ ගැසී ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අනෙක් අය වෙත අතිනත දී සලාම් පවසා සිටියේ නම්, ඔවුන් දෙදෙනා ශාරීරිකව වෙන්වීමට පෙර හෝ අතිනත දී අවසන් වීමට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."