+ -

عَن أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا تَثَاءَبَ أَحَدُكُمْ فَلْيُمْسِكْ بِيَدِهِ عَلَى فِيهِ، فَإِنَّ الشَّيْطَانَ يَدْخُلُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2995]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් හැරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගත යුතුයි. මක්නිසාදයත් ෂෙයිතාන් පිවිසෙන බැවිනි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2995]

විවරණය

මැලිකමින් හෝ පිරුණ බවින් හෝ එවැනි වෙනත් හේතුවකින් හෝ තම කට විවෘත කරමින් ඈණුම් හරින්නාට ඔහුගේ කට මත ඔහුගේ අත තබා එය වසා ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. එසේ කිරීම අත්හැරිය විට සැබැවින්ම ෂෙයිතාන් එහි පිවිසෙනු ඇත. එබැවින් ඔහු එහි පිවිසීම වළක්වාලමින් ඒ මත අත තැබිය යුතුය.

හදීසයේ හරය

  1. ඈණුම් අරින්නට මිනිසා සිතූ විටෙක, ඔහු ඔහුගේ කට හැකි පමණින් වළක්වා ගෙන එය පාලනය කළ යුතුයි. එය විවෘත නොවන පරිදි වසා දැමිය යුතුයි. තම කට වසා පාලනය කිරීමට නොහැකි වූයේ නම්, ඔහුගේ අත ඔහුගේ කට මත තබා එම අතින් එය වසා දැමිය යුතු ය.
  2. සියලුම අවස්ථාවන්හි ඉස්ලාමයේ විනය පිළිපැදීම, සැබැවින්ම එය පූර්ණභාවයේ හා ගුණයහපත් බවේ පදනමයි.
  3. මිනිසා වෙත ෂෙයිතාන් ප්‍රවේශ වන සෑම ස්ථානයක් පිළිබඳව ප්‍රවේසම් වීම.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية الموري Malagasy Kannada الأوكرانية الجورجية المقدونية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර