عن عبد الله بن مسعود رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: "إن الرقى والتمائم والتِّوَلَة شرك".
[صحيح] - [رواه أبو داود وابن ماجه وأحمد]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම මැතිරීම්, සුර එල්ලීම් හා කාම ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

අල්ලාහ් නොවන තැනකින් යහපත ලබා ගන්නට හා අයහපත වැළැක්වීමට අපේක්ෂා කරමින් මෙවන් කාර්යයන් භාවිත කිරීම අල්ලාහ්ට කරන ආදේශයක් බව දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දන්වා සිටියි. ඊට හේතුව සැබැවින් යහපත සැලසීමට හෝ හානිය වැළක්වීමට හෝ හැකියාව අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නොමැති බැවිණි. මෙසේ කරන ලද දැනුම් දීම මෙම ක්රියාවෙන් වැළැක්වීමේ අදහසින් දන්වා ඇත. ‘රුකා’ නොහොත් මැතිරීම්, ජප කිරීම්. මෙයට ‘අසාඉම්’ මන්ත්ර ගුරුකම් යනුවෙන් ද කියනු ලැබේ. තමාඉම් නොහොත් සුර යනු දරුවන්ට එල්ලන පබළු වැනි දෑය. තව්ලා යනු ජෝඩුවක්, එකෙක් අනෙකාට ආදරය ඇති කිරීම සඳහා සිදු කරන කාම ගුරුකම්ය. මේවා අල්ලාහ්ට කරන ආදේශයන් වෙති. එසේ මතුරන දෑහි කොන්දේසි තුනක් ඇතුළත් වී ඇත්නම් එයට අනුමැතිය ඇත. පළමුවැන්න: අල්ලාහ්ගෙන් තොරව එහි රචනයෙන් සෙත සැළසෙන බව විශ්වාස නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ්ගෙන් තොරව එහි රචනයෙන් සෙත සැලසී ඇතැයි විශ්වාස කළේ නම් එය තහනම් කරන ලද්දකි. එමෙන්ම දේව ආදේශයකි. එබැවින් අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිදු කාරණාවක් සෙත නොසලසන බව විශ්වාස කළ යුතුයි. දෙවැන්න: ආගමික පිළිවෙතට පටහැනිව පිහිටිය නොයුතුයි. අල්ලාහ්ගෙන් තොර වෙනත් ප්රාර්ථනාවක් හෝ ජින්නුන්ගෙන් පිහිට පැතීමත් හෝ එවන් වෙනත් කාරණාවක් එහි ඇතුළත්ව ඇත්තේ නම් සැබැවින්ම එය ද තහනම් කරන ලද්දක් මෙන්ම ආදේශ තැබීමකි. තුන්වැන්න: ‘වටහාගත හැකි අවබෝධයක් ඇති දෙයක් විය යුතුය. එය මායා කර්මයන් මිත්යා ගුරුකම් වැනි දෙයකින් වී නම් සැබැවින්ම එයද අනුමත නොවන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ප්රතිපත්තිය බිඳ දමන කටයුතු මිනිසුන් බොහෝමයක් සිදු කළ ද ඒවායින් වැළකී එය ආරක්ෂා කර ගන්නා මෙන් උනන්දු කිරීම.
  2. මෙහි සඳහන් කරනු ලැබූ මෙම කරුණු භාවිතා කිරීමේ තහනම.
  3. මෙම හදීසයේ විස්තර කර ඇති ෂිර්ක් (දේව ආදේශය) යනු එය මහා ෂිර්ක් ගණයට අයත්ද එසේ නැතහොත් සුළු ෂිර්ක් ගණයට අයත් දැයි විමසනු ලබන්නේ නම් අප පවසා සිටිනුයේ: ඒ ගැන මිනිසා අපේක්ෂා කරන පරිදි පිහිටන බවයි. සැබැවින්ම ආදරයට හේතුව අල්ලාහ් යැයි විශ්වාස කරමින් එය ගෙන ඇත්තේ නම් එය සුළු ෂිර්ක් ගණයට අයත් බවයි. නමුත් සැබැවින්ම එය අදාළ හේතුව මත පමණක් පදනම් වෙමින් සිදුවන්නක් බව විශ්වාස කළේ නම් එය මහා ගණයට අයත් ෂිර්ක් වන්නේය.
  4. මැතිරීම් ජපකිරීම් තහනම් කරන ලද්දකි. සැබැවින්ම එය ෂිර්ක් හෙවත් ආදේශයකි. නමුත් එය ආගමානුකූලව පිහිටියේ නම් හැර.
අමතර