عَنْ عَائِشَةَ أُمِّ المؤْمنينَ رَضيَ اللهُ عنها قَالَت:
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَى الْمَرِيضَ يَدْعُو لَهُ قَالَ: «أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2191]
المزيــد ...
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ:
أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا
"අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා"
(අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2191]
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ: "අද්හිබ්" ඉවත් කරනු මැනව "අල් බඃස" දැඩි රෝගීභාවය, "රබ්බන් නාස්" මිනිසුන්ගේ මැවුම්කරු හා ඔවුන්ව පෝෂණය කරන්නා "වෂ්ෆි" මෙම රෝගියාට සුවය දෙනු මැනව "අන්ත" ඔබ සුවිශුද්ධය. "ෂාෆී" ඔබේ ෂාෆී යන ගුණ නාමයෙන් ඔබ වෙත මැදිහත් වී සුවය පතමි. "ලා ෂිෆාඅ" රෝගියාට සුවය ලබා දෙන්නෙකු නැත. "ඉල්ලා ෂිෆාඋක" ඔබේ සුවයෙන් හැර. "ෂිෆාඅ" පොදු සුවය වනාහි "ලා යුගාදිරු" ඉතිරි වන්නේ නැත අත්හැර දමන්නේ නැත. "සකමා" තවත් රෝගයක් අත්හැර දමන්නේ නැත.