عن عبدالله بن عباس رضي الله عنهما مرفوعاً: «مَن عادَ مَريضا لم يحضُرهُ أجلُه، فقال عنده سَبعَ مراتٍ: أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك، إلا عافاه الله من ذلك المرض».
[صحيح] - [رواه أبو داود والترمذي وأحمد]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත.))
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු-තුමාගේ හදීසය වනාහි, සැබැවින්ම මිනිසෙකු, අවසන් කාලය නොපැමිණි රෝගියකු එනම් මරණයේ රෝගය නොවැළඳුණු රෝගියකු මුණ ගැසුණු විට أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි හත් වරක් පවසන්නේ නම් ඔහුට සුවය ලැබෙනු ඇත. මෙය ඔහුගේ අවසන් කාලය නොපැමිණි අවස්ථාවකය. තම අවසන් කාලය පැමිණි අවස්ථාවක කිසිදු ප්රතිකාරයක් හෝ ප්රාර්ථනාවක් හෝ ප්රයෝජනවත් නොවනු ඇත. හේතුව සැබැවින්ම අල්ලාහ් සූරා අල් අඃරාෆ් 34 වැනි පරිච්ඡේදයේ මෙසේ පවසා සිටියි: සෑම සමූහයකටම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් ප්රමාද නොවෙති. එමෙන්ම ඔවුන් ඉක්මන්ද නොවෙති.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර