عن زيد بن خالد الجهني رضي الله عنه عن النبي صلى الله عليه وسلم أنه قال: «مَنْ فَطَّرَ صائمًا، كان له مِثْلُ أجْرِهِ، غَيْرَ أنَّهُ لاَ يُنْقَصُ مِنْ أجْرِ الصَّائِمِ شَيْءٌ».
[صحيح] - [رواه الترمذي وابن ماجه والنسائي في الكبرى والدارمي وأحمد]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සෙයිද් බින් කාලිද් අල් ජුහනී (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය. නමුත් උපවාසය රකින්නාගේ කුසලින් කිසිවක් අඩු කරනු ලබන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

උපවාස ශීලය රකින අයකු උපවාසයෙන් මිදීම සඳහා පහසුකම් සැලසීමේ මහිමය මෙම හදීසයේ විස්තර කර ඇත. එය අනිවාර්යය කටයුත්තක් නොවූවද ඒ සඳහා උනන්දු කරවා ඇත. කවරෙකු එසේ සිදු කළේ ද උපවාසකරුගේ කුසලින් කිසිවක් අඩු නොකර ඔහුගේ ප්රතිඵලයට සමාන ප්රතිඵලයක් මොහුට ද සටහන් කරනු ලැබේ. මෙය අල්ලාහ් තම ගැත්තන් හට පිරිනැමූ භාග්යයයි. යහපත හා දේව හැඟීම මුල් කර ගනිමින් එකිනෙකාට උදව් කිරීම, ආදරය ඇති කිරීම, මුස්ලිම්වරුන්ගේ අතර සහයෝගීතාව යනාදී කරුණ එහි ඇතුළත්ව ඇති බැවිණි. හදීසය මතුපිටින් පෙනෙන්නේ සැබැවින්ම උපවාසකරුට උපවාසය මිදෙන්නට රට ඉඳි ගෙඩියකින් හෝ වේවා පහසුකම් සළසන්නේ නම් මොහුට ද ඔහු මෙන් කුසලක් හිමිවන බවයි. ඒ අනුව තමන්ට හැකි පමණින් උපවාසකරුවන්ට ඉන් මිදීම සඳහා පහසුකම් සැලසීමට කැමැත්තක් දැක්වීම මිනිසාට අවශ්ය වන්නේය. විශේෂයෙන්ම උපවාසකරු අවශ්යතාවෙන් හා දිළිඳුභාවයෙන් සිටින විටෙක හෝ තමන්ට උපවාසයෙන් මිදීම සඳහා සූදානම් කර ගත හැකි ආහාර වේලක් ඔවුන් නොලැබ අවශ්යතාවෙන් පෙළෙන විට දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර