عن سهل بن سعد الساعدي رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «لا يزال الناس بخير ما عَجَّلُوا الفطر».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසයේ දන්වා සිටිනුයේ, ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිනු ඇතැයි යනුවෙනි. ඊට හේතුව සැබැවින්ම ඔවුන් නබි තුමාගේ පිළිවෙතට පදනම්ව පිළිපදින බැවිණි. නමුත් ඔවුන් විරුද්ධව කටයුතු කර උපවාසයෙන් මිදීම ප්රමාද කළේ නම් ඔවුන්ගෙන් යහපත ඉවත් වීම එය පෙන්වා දෙයි. එය සැබැවින්ම ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට කවර කරුණක් උරුම කළේ ද කවර කරුණක් ආරක්ෂා කරන මෙන් නියෝග කළේ ද එම නබි පිළිවෙත ඔවුන් පිළිපැදීම අතහැර දැමූ බැවිණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර