عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الْفِطْرَ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1098]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 1098]
හිරු අවරට යෑම තහවුරු වූ පසු ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය සුන්නාව හෙවත් නබ චරිතය පිළිපැදීමකි. එහි සීමාව තුළ රැඳෙන්නකි.