عن عمرو بن العاص رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «فَصْلُ مَا بَيْنَ صِيَامِنَا وصِيَامِ أهْلِ الكِتَابِ، أكْلَةُ السَّحَرِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අපගේ උපවාසය හා ආගම් ලත් සෙසු ජනයාගේ උපවාසය අතර වෙනස ‘සහර්’ (නම් අළුයම්) කාලයේ ආහාර ගැනීමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මුස්ලිම්වරුන් වන අපගේ උපවාස ශීලය සහ යුදෙව් හා කිතුනු ජනයාගේ උපවාස ශීලය අතර ඇති වෙනස ගැන නබිතුමාණන් - මෙම හදීසයේදී දැනුම් දී ඇත. එය, සුහූර් වේලාවේදී මුස්ලිම්වරුන් අනුභව කරන ආහාර වේලය. සැබැවින්ම "c2">“අහ්ලුල් කිතාබ්”හෙවත් පුස්තක හිමි යුදෙව් ජනයා සහ කිතුනු ජනයා සුහූර් වේලාවේදී ආහාර අනුභව නොකරති. නමුත් එය මුස්ලිම්වරුන්හට "මුස්තහබ්" හෙවත් දිරිමත් කර ඇති පිළිවෙතකි. එය ආගම් ලත් ජනයාගේ පිළිවෙතට වෙනස්ව කටයුතු කිරීමක් හා නබි තුමාණන්ගේ පිළිවෙත තහවුරු කිරීමක් වශයෙනි. නබි චරිතයේ සඳහන්ව ඇති පරිදි සුහූර් ආහාර වේල තුළ අභිවෘද්ධිය සහ යහපත ඇත. පුස්තකය හිමි ජනයා මධ්යම රාත්රියේ සිට උපවාස ශීලයෙහි නිරත වෙති. ඔවුහු ඹධ්යම රාත්රියට පෙර ආහාර අනුභව කරන අතර සුහූර් වේලාවේදී ආහාර නොගනිති. ෂරියා සම්බන්ධ කරුණු වලදී මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන අය අතර පවතින වෙනස හඳුනා ගැනීම අවශ්ය කරුණක් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර