عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«أَطْعِمُوا الجَائِعَ، وَعُودُوا المَرِيضَ، وَفُكُّوا العَانِيَ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 5373]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සපයන්න, රෝගීන් බැහදැක සුවදුක් විමන්න. සහ සිරකරුවා නිදහස් කරන්න."
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري - 5373]
මුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් අතරට කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සැපයීම, රෝගීන් බැහැදැක සුවදුක් විමසීම සහ සිරකරුවා නිදහස් කිරීම යනාදිය ඇතුළත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.