عَنْ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ الخَطْمِيِّ قَالَ: حَدَّثَنِي البَرَاءُ وَهُوَ غَيْرُ كَذُوبٍ، قَالَ:
كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، لَمْ يَحْنِ أَحَدٌ مِنَّا ظَهْرَهُ حَتَّى يَقَعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا، ثُمَّ نَقَعُ سُجُودًا بَعْدَهُ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 690]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු යසීද් අල්-කත්මී විසින් වාර්තා කරන ලදී. බරා තුමා මට මෙසේ පවසා සිටියේය. 'ඔහු මුසාවාදියෙකු නොවීය'. ඔහු මෙසේ පැවසීය:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන් සුජූද් කරන තෙක් අප අතරින් කිසිවකු හෝ තම පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව අපි සුජූද් කරන්නන් ලෙස නැමුනෙමු.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 690]
අල්-බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දැනුම් දෙයි. ඔහු සත්‍යවාදියෙකු විය. 'සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් රුකූඋ ඉරියව්වේ සිට හිස ඔසවා 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන්ට පසුපසින් සිටි අය කියාම් (සිටගත්) ඉරියව්වෙන්ම සිටි අතර එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම නළල පොළවෙහි තැන්පත් කරන තෙක් සුජූද් සඳහා කිසිවෙකු ඔහුගේ පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව ඔවුන් සුජූද් සඳහා නැමුණෝය.