+ -

عَنْ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ الخَطْمِيِّ قَالَ: حَدَّثَنِي البَرَاءُ وَهُوَ غَيْرُ كَذُوبٍ، قَالَ:
كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، لَمْ يَحْنِ أَحَدٌ مِنَّا ظَهْرَهُ حَتَّى يَقَعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا، ثُمَّ نَقَعُ سُجُودًا بَعْدَهُ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 690]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු යසීද් අල්-කත්මී විසින් වාර්තා කරන ලදී. බරා තුමා මට මෙසේ පවසා සිටියේය. 'ඔහු මුසාවාදියෙකු නොවීය'. ඔහු මෙසේ පැවසීය:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන් සුජූද් කරන තෙක් අප අතරින් කිසිවකු හෝ තම පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව අපි සුජූද් කරන්නන් ලෙස නැමුනෙමු.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 690]

විවරණය

අල්-බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දැනුම් දෙයි. ඔහු සත්‍යවාදියෙකු විය. 'සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් රුකූඋ ඉරියව්වේ සිට හිස ඔසවා 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන්ට පසුපසින් සිටි අය කියාම් (සිටගත්) ඉරියව්වෙන්ම සිටි අතර එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම නළල පොළවෙහි තැන්පත් කරන තෙක් සුජූද් සඳහා කිසිවෙකු ඔහුගේ පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව ඔවුන් සුජූද් සඳහා නැමුණෝය.

හදීසයේ හරය

  1. සලාතයේ දී සහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනුගමනය කළ ආකාරය. ඔවුන් කියාම් ඉරියව්වේ සිට සුජූද් ඉරියව්ව වෙත එතුමාණන් සුජූද් කරන තෙක් මාරු වූයේ නැත.
  2. ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසයි: "මෙහි (සලාතයේ ඉරියව්වක දී) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තැන්පත් වීමේ දිගුව පෙන්වා දී ඇත."
  3. මඃමූම්වරයෙක් ඉමාම්ව පිළිපැදීමේ දී ඔහුට තත්ත්වයන් හතරක් ඇත. 1. කලින් කිරීම. එනම් ඉමාම්ට පෙර යමක් කිරීම ආරම්භ කිරීම. එනම් ඉමාම් සලාතයේ එක් මූලිකාංගයක් වෙත යාමට පෙර මඃමූම් ඒ වෙත යෑම. උදාහරණයක් ලෙස ඉමාම් රුකූඋ කිරීමට පෙර රුකූ කිරීම හෝ ඉමාම් සුජූද් කිරීමට පෙර සුජූද් කිරීම වැනිය. මෙය තහනම් කරන ලද්දකි. මෙය තහනම් කරනු ලැබූවක් බව දැන දැනම කලින් ඉටු කරන්නේ නම් සැබැවින්ම ඔහුගේ සලාතය අවලංගු වී යයි. එය එක් ඉරියව්වකින් ඉමාම්ට පෙර කළත් ඉරියව්වක් වෙත යෑමේ දී ඔහුට පෙර කළත් එක සමානය. එය ආරම්භක තක්බීරයේ වී නම් සලාතය වලංගු වන්නේ නැත. සලාතය අලුතින්ම නැවත ඉටු කළ යුතු ය. 2- අනුගත වීම. එනම් ඉමාම්ට අනුගත වීමය. ඔහු රුකූඋ කරනවාත් සමග රුකූඋ කිරීම, ඔහු සුජූද් කරනවාත් සමග සුජූද් කිරීම, ඔහු නැවෙනවාත් සමග නැවීම යනාකාරයෙනි. එය පිළිකුල් තත්ත්වයන්හි අවම තත්ත්වයයි. සාධක සමග බලන කල මතුපිට අදහස නම් තහනම් කරන ලද්දක් බවයි. ආරම්භක තක්බීරයේදී ඉමාම්ට අනුගත වූ විට ඔහුගේ සලාතය වලංගු වන්නේ නැත. ඔහු නැවත ඉටු කළ යුතු වේ. 3- අනුගමනය කිරීම. එනම් ඉමාම්ගෙන් පසුව ප්‍රමාදයකින් තොරව සලාතයේ ක්‍රියාවන් ඉටු කිරීමය. සුන්නාවට අනුගත වූ ආගමානුගත පිළිවෙත එයයි. 4. ප්‍රමාද වීම එනම් අනුගමනය කිරීමේ අර්ථය ඉවත් වන තරමට ඉමාම් වරයාගෙන් ප්‍රමාද වීම ය. උදාහරණ ලෙස ඉමාම් වරයා රුකූඋ කරන අවස්ථාවේ මඃමූම් වරයා ඉමාම් රුකූවෙහි සිට ඉහළට ඒමට සමීප වන තරමට සිටගත් ඉරියව්වේම පසුවීමය. මෙය ආගමට පටහැනිය. එය හරාම් ය. නමුත් ඔහුට අසනීපයක් හෝ වයෝවෘද්ධභාවයක් වැනි හේතුවක් මත වී නම් හැර.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි තායිලන්ත ආසාමි الهولندية الغوجاراتية الدرية المجرية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර