عن أنس بن مالك عن زيد بن ثابت رضي الله عنهما قال: «تَسَحَّرْنَا مع رسول الله صلى الله عليه وسلم ، ثم قام إلى الصلاة. قال أنس: قلت لزيد: كم كان بين الأذان وَالسَّحُورِ؟ قال: قدر خمسين آية».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සෙයිද් ඉබ්නු සාබිත් -රළියල්ලාහු අන්හු- තුමා පැවසූ බව අනස් ඉබ්නු මාලික් තුමා විසින් වාර්තා කරන ලදී. “අපි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සහර් කළෙමු. පසුව එතුමා සලාතය සඳහා නැගී සිටියහ. අනස් තුමා මෙසේ පවසයි. මම සෙයිද් තුමාගෙන්: අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැයි විමසුවෙමි. එතුමා: ආයාත් පනහක ප්රමාණයක් යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සහර් කොට සුබ්හු සලාතය සඳහා නැගී සිටි බව සෙයිද් ඉබ්නු සාබිත් -රළියල්ලාහු අන්හු- තුමා විසින් දන්වා සිටියේය. එවිට අනස් තුමා සෙයිද් තුමාගෙන්: අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?යි විමසූහ. එතුමා: ආයාත් පනහක ප්රමාණයක් යැයි පැවසූහ. එනම් ආයාත් පහනක් පාරායනය කිරීමට යන කාලයයි. මතු පිටින් වටහා ගත හැකි වනුයේ: සූරා බකරා අවසානයේ හා සූරා අල් මාඉදා ආරම්භයේ ඇති වැකි මෙන් වඩාත් දිගු වැකි හා සූරා ෂුඃරාහි, සූරා සාෆ්ෆාත් හා සූරා වාකිආ හා ඒවා හා සමාන සූරාවල දක්නට ඇති ඉතා කුඩා වැකි මෙන් නොව ඒ දෙක අතර මැදි ප්රමාණයේ වැකිවලින් යුක්ත විය යුතුය යන්නය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර