عن أبي هريرة رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: «مَنْ سُئِلَ عن عِلْمٍ فَكَتَمَهُ، أُلْجِمَ يوم القيامةِ بِلِجَامٍ مِنْ نارٍ».
[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“යම් දැනුමක් සම්බන්ධයෙන් යමෙක් විමසනු ලැබ, ඔහු එය වසන් කළේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නෙන් වූ නාස් පටියකින් ඔහුට නාස් පටි පළන්ඳවනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ දැනුම සැගවීම ගැන දැඩි අවවාදයක් පැමිණ ඇත. අවශ්ය ආගමික කටයුතු සම්බන්ධයෙන් කෙනෙකුගෙන් විමසා ඒ ගැන පැහැදිලි කිරීම ඔහුගේ වගකීමක් වූ විටෙක, පිළිතුරු නොදී හෝ කුර්ආනයේ කරුණු වළක්වමින් හෝ එම දැනුම පැහැදිලි නොකළේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උත්තරීතර අල්ලාහ් නිරයෙන් වූ නාස් පටියක් ගෙන ඔහුගේ කට තුළට දමා දඬුවම් කරනු ඇත. එය ඔහු කට පියාගෙන නිහඬව සිටීමට සරිලන දඬුවමක් වශයෙනි. ප්රතිවිපාකය අදාළ ක්රියාවෙන්ම පිහිටනු ඇත. මෙම හදීසයේ සඳහන් අවවාදය අදාළ වනුයේ සැබැවින්ම තමන්ගෙන් විමසන්නා ඔහු මඟ ලබන්නට විමසන බව දැන සිටින්නා හටය. නමුත් සැබැවින්ම ඔහු එසේ අසා සිටින්නේ ඉන් මග ලබන්නට නොව, පරීක්ෂණ කිරීමට යැයි දැන ඔහු ක්රියා කරන්නේ නම්, ප්රශ්න කරනු ලබන්නා පිළිතුරු දීම හෝ පිළිතුරු නොදීම අතර මතයක් තෝරා ගනියි. මෙම හදීසයේ සඳහන් අවවාදය ඔහුට අදාළ වන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර