عن أبي هريرة رضي الله عنه عن رسولِ اللهِ صلى الله عليه وسلم أنه قالَ: "مِن خَيرِ مَعَاشِ النّاسِ لهم رَجُلٌ مُمْسِكٌ عِنَانَ فَرسِهِ في سبيلِ اللهِ، يَطيرُ على مَتنِهِ كُلَّما سَمِعَ هَيْعَةً أو فَزعَةً، طَارَ عَليه يَبْتَغِي القَتْلَ، أو المَوتَ مَظانَّه، أو رَجلٌ في غُنَيمَةٍ في رأسِ شَعفَةٍ من هذه الشَّعَفِ، أو بطنِ وادٍ من هذه الأوديةِ، يُقيمُ الصلاةَ، ويُؤتِي الزكاةَ، ويَعبدُ ربَّهُ حتى يَأتِيَه اليقينُ، ليسَ من النَّاسِ إلا في خيرٍ".
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "ජන ජීවිතයේ වඩා උතුම් තත්ත්වය වනුයේ, අල්ලාහ්ගේ මාර්ගයේ යොදවන්නට තම අශ්වයාගේ නාස්ලනුව අල්ලාගෙන සිටින මිනිසාය. ඔහු කිසියම් (යුද) කම්පනයකට හෝ (සතුරු) බියකට හෝ සවන් දුන් සෑම අවස්ථාවකම ඒ මත නැග ඉතා වේගයෙන් ගොස් සටන් කිරීමට හෝ අපේක්ෂිත ස්ථානයේ දිවි පුදන්නට හෝ සොයනු ඇත. එසේ නැතිනම් මෙම කඳු අතර ඇති කන්දක් මුදුනක හෝ මෙම මිටියාවත් අතර ඇති එක් මිටියාවතක හෝ එළු බැටළු කිහිප දෙනෙකු හදාවඩා ගන්නා මිනිසාය. ඔහු (ඒ අතරවාරයේ) සලාතය ඉටු කරයි. සකාත් පිරිනමයි. ඔහුට මරණය පැමිණෙන තෙක් ඔහුගේ පරමාධිපතිට නැමදුම් කරයි. යහපත් කටයුත්තක දී මිස (වෙනත් අනවශ්ය දෑහි) ජනයා අතර නොසිටියි.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ජනජීවිතයේ තත්ත්වයන් අතුරින් උතුම් තත්ත්වය වනුයේ, අශ්වයාගේ නාස්ලනුව අල්ලා ගෙන සිටින මිනිසාය යැයි මෙම හදීසයේ සඳහන් වේ. “ඔහු කම්පනයකට හෝ බියකරු තත්ත්වයකට සවන් දුන් සෑම විටකම උගේ පිට මත නැග වේගයෙන් යයි. එසේ වේගයෙන් ගොස් සටන් කරයි. අපේක්ෂිත ස්ථානයේ මරණය සොයයි. එහි අර්ථය අසු පිට නැග, වේගයෙන් ගමන් කිරීමයි. බියකරු තත්ත්වයකට සවන් දුන් සෑම අවස්ථාවකම එනම් සතුරන් පැමිණෙන අවස්ථාවේ ඇතිවන හඬය. සතුරන් වෙත යොමුවන අවස්ථාවේ ඇතිවන කම්පනයය. ඔහු සටන් කිරීමට අපේක්ෂා කරයි. ඔහු කැමති ස්ථානය සොයා යයි. එය අල්ලාහ් වෙනුවෙන් දිවි පිදීම සම්බන්ධයෙන් වූ දැඩි ආශාව හේතුවෙනි. එමෙන්ම හුදකලාවේ සිටීම සම්බන්ධයෙන්ද මෙම හදීසය අවධාරණය කරයි. කඳු මුදුණක හෝ මිටියාවතක හෝ ජනයාගෙන් වෙන්ව ගොස් හුදකලා ස්ථානයක සිට, අල්ලාහ්ට නමදිමින් කල් ගෙවා, යහපත් කටයුත්තකදී හැර (අනවශ්ය) වෙනත් කටයුතුවලින් ජනයාගෙන් ඈත්ව සිටින්නා, ඔහු එහි ශ්රේෂ්ට අයකු වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර