عن أَبي سعيد الخدري - رضي الله عنه: أن جِبريلَ أتَى النَّبيَّ - صلى الله عليه وسلم - فَقَالَ: يَا مُحَمَّدُ، اشْتَكَيْتَ؟ قَالَ: «نَعَمْ» قَالَ: بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللهُ يَشْفِيكَ، بِسمِ اللهِ أُرقِيكَ.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ජිබ්රීල් තුමා නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, මුහම්මද් තුමණි,ඔබ පැමිණිලි කරන්නෙහිද? යැයි විමසූහ. එවිට එතුමා එසේය. යැයි පැවසූහ. ජිබ්රීල් තුමා: بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِد، اللهُ يَشْفِيك، بِسمِ اللهِ أُرقِيك බිස්මිල්ලාහි උර්කීක මින් කුල්ලි ෂෙය්ඉන් යුඃදීක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අය්නි හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි උර්කීක තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි. අල්ලාහ්ගේ නාමයෙනි, මම ඔබට ආරක්ෂාව පතමි. යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙය අබූ සඊද් අල් කුද්රී-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසයකි. සැබැවින්ම ජිබ්රීල් තුමා නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, මුහම්මද් තුමණි,ඔබ පැමිණිලි කරන්නෙහිද යැයි විමසූහ. එනම් ඔබ රෝගාතුරව සිටින්නෙහිද? එවිට එතුමා එසේය, යැයි පැවසූහ.පසුව ජිබ්රීල් තුමා: بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِد، اللهُ يَشْفِيك، بِسمِ اللهِ أُرقِيك බිස්මිල්ලාහි උර්කීක මින් කුල්ලි ෂෙය්ඉන් යුඃදීක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අය්නි හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි උර්කීක තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි. අල්ලාහ්ගේ නාමයෙනි, මම ඔබට ආරක්ෂාව පතමි. යැයි පැවසූහ.මෙය දහම් දූතවරුන්ගෙන් ශ්රේෂ්ඨතම දහම් දූතයාණන් වූ මුහම්මද්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙනුවෙන් මලක්වරුන් අතුරින් ශ්රේෂ්ඨතම මලක්වරයා වූ ජිබ්රීල් තුමා විසින් කළ ප්රාර්ථනාවකි. ඔබ පැමිණිලි කරන්නෙහිද? යන ප්රකාශයට එතුමා එසේය යැයි පවසා සිටීම, රෝගියකුගෙන් මිනිසුන් සුවදුක් විමසා සිටින විට තමන් සැබැවින්ම රෝගාතුරව සිටින්නේය යැයි පවසා සිටීම වරදක් නැත යන්නට සාධකයකි. නියත වශයෙන්ම මෙය පැමිණීලි කිරීමේ පාඩම යටතට අයත්ය. මැවීම්වලට මැවුම්කරු ගැන ඔබ පැමිණිලි කරමින්, අල්ලාහ් මට මේ මේ ලෙඩ රෝග ඇති කර ඇත යැයි පවසා පරමාධිපති ගැන මැවීම්වලට පැමිණිලි කර සිටීම සුදුසු නොවන්නේය. එබැවින් යඃකූබ් තුමා මෙසේ දන්වා සිටියි: මාගේ දුක හා ශෝඛය පැමිණිලි කර සිටිනුයේ අල්ලාහ් වෙත පමණකි. (සූරා යූසුෆ්: 86) “සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි“ යන ප්රකාශය වනාහි, මිනිසුන්ගේ ආත්මාවන් ජින්වරුන්ගේ ආත්මාවන් හා වෙනත් ආත්මාවන් ජනයා විසින් ඇස්වහ යැයි පවසනු ලබන ඊර්ෂ්යාකරුගේ ඇස්වහ වැනි දෑහි නපුරෙන් යන්නයි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! සැබැවින්ම ඊර්ෂ්යාකරන්නා අල්ලාහ් තම ගැත්තන් හට ආශිර්වාද කිරීම පිළිකුල් කරන්නාය. ඔහුගේ ආත්මය ඉතා නපුරු, කිලිටි ආත්මයකි. මෙම නපුරු, කිලිටි ආත්මය ඊර්ෂ්යා කරනු ලබන්නාට අත්විය හැකි දෑ අත්වන්නට ක්රියාත්මක වෙයි. එහෙයින් ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින්ද අල්ලාහ් ඔබට සුවය ලබා දෙයි යනුවෙන් පවසා ඇත. එනම් එයින් ඔබව ඉවත් කොට ඔබට අත්වූ රෝගය ඉවත් කරනු ඇත යන්නයි. බිස්මිල්ලාහි උර්කීක යන ප්රකාශයෙන් ප්රාර්ථනාව ආරම්භයේ බිස්මි පවසා ආරම්භ කළ යුතු බවත් එහි අවසානයේද එසේ සිදු විය යුතු බවත් පෙන්වා දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර