عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ:
قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِامْرَأَةٍ مِنَ الْأَنْصَارِ سَمَّاهَا ابْنُ عَبَّاسٍ فَنَسِيتُ اسْمَهَا: «مَا مَنَعَكِ أَنْ تَحُجِّي مَعَنَا؟» قَالَتْ: لَمْ يَكُنْ لَنَا إِلَّا نَاضِحَانِ فَحَجَّ أَبُو وَلَدِهَا وَابْنُهَا عَلَى نَاضِحٍ وَتَرَكَ لَنَا نَاضِحًا نَنْضِحُ عَلَيْهِ، قَالَ: «فَإِذَا جَاءَ رَمَضَانُ فَاعْتَمِرِي، فَإِنَّ عُمْرَةً فِيهِ تَعْدِلُ حَجَّةً».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1256]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ අන්සාරි කාන්තාවකට මෙසේ පැවසූහ. ඇගේ නම ඉබ්නු අබ්බාස් තුමා සඳහන් කළ නමුත් ඇගේ නම මට අමතක වී ඇත. "අප සමග හජ් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද?" ඇය, "අපට ඔටුවන් දෙදෙනකු හැර වෙනත් කිසිවක් නොවීය. ඇගේ දරුවාගේ පියා හා ඇගේ දරුවා එක් ඔටුවකු මත හජ් වන්දනාව ඉටු කිරීම සඳහා ගොස් ඇති අතර එක් ඔටුවකු ජලය සැපයීම සඳහා අප වෙනුවෙන් අත්හැර දමා ගොස් ඇත" යැයි පැවසුවාය. එතුමාණෝ: "එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 1256]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‌තුමාණෝ 'හජ්ජතුල් වදා' නම් සමුගැනීමේ හජ් වන්දනාවෙන් පසු නැවත හැරී ආ කල්හි, හජ් ඉටු නොකළ අන්සාරි කාන්තාවකට ‌"අප සමග හජ් කිරීමට ඔබව වැළැක්වූයේ කුමක් ද?" යැයි විමසූහ.
ඇය නිදහසට කරුණු ලෙස, තමන්ට ඔටුවන් දෙදෙනෙකු පමණක් ඇති බවත් තම ස්වාමිපුරුෂයා හා තම පුතණුවන් උන් දෙදෙනාගෙන් එකකු හජ් කිරීම සඳහා රැගෙන ගිය බවත්, අනෙක ලිදෙන් වතුර ගැනීම සඳහා අත්හැර ගිය බවත් පවසා සිටියාය.
එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රමළාන් මාසයේ උම්රා ඉටු කිරීමෙන් හිමිවන කුසල් හජ් හි කුසලට සමාන බව ඇයට දන්වා සිටියහ.

හදීසයේ හරය

  1. රමළාන් මාසයේ උම්රා ඉටු කිරීමේ මහිමය.
  2. රමළාන් මාසයේ උම්රා ඉටු කිරීම හජ් ඉටු කිරීමෙන් ලැබෙන කුසලට සමාන වන්නේය. නමුත් හජ්හි වගකීම ඉන් ඉවත් වන්නේ නැත.
  3. සත් ක්‍රියාවන්හි කුසල් ඇතැම් ගෞරවනීය වේලාවන්හි වැඩි වනු ඇත. රමළාන් මාසයේ සිදු කරන ක්‍රියාවන් ද ඒ අතරින් වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (55)
අමතර