عن أبي هريرة رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول:
«مَنْ حَجَّ لِلهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1521]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1521]

විවරණය

කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කර, නොමනා ක්‍රියා සිදු නොකළේ ද එනම්, සංසර්ගයේ නිරත වීම හෝ ඊට පෙර සිදු කෙරෙන සිප ගැනීම හා වැළඳ ගැනීම වැනි දෑය. පොදුවේ අශීලාචාර ප්‍රකාශවලට ද එම පදය යෙදෙයි. නොමනා ක්‍රියා සිදු නොකළේ ද එනම් පාපකාරී හා නපුරු ක්‍රියාවයි. නොමනා ක්‍රියාවන් අතරට ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ ක්‍රියාවන් ද ඇතුළත් වේ. ඔහුගේ හජ් වන්දනාවෙන් ඔහු නැවත හැරී එනුයේ සියලු පාපයන්ගෙන් නිදහස් වූ ඉපදෙන දරුවෙකු සේ තම පාපයන්ට සමාව දෙනු ලැබූ අයකු මෙනි.

හදීසයේ හරය

  1. නොමනා ක්‍රියා සියලුම තත්ත්වයන්හි තහනම් කර තිබුණ ද, හජ් හි වන්දනා ස්ථානවලට ගරු කිරීමක් වශයෙන් එම තහනම තවත් තීව්‍ර වන්නේය.
  2. සියලු පාපයන්ගෙන් නිදොස්ව වැරදිවලින් තොරව මිනිසා උපත ලබයි. එනිසා වෙනත් කිසිවකුගේ වැරදි ද ඔහු උසුලන්නේ නැත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)