+ -

عَنْ عَائِشَةَ أُمِّ المُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ:
يَا رَسُولَ اللَّهِ، نَرَى الجِهَادَ أَفْضَلَ العَمَلِ، أَفَلاَ نُجَاهِدُ؟ قَالَ: «لَا، لَكُنَّ أَفْضَلُ الجِهَادِ: حَجٌّ مَبْرُورٌ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 1520]
المزيــد ...

දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 1520]

විවරණය

අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා සතුරන් සමග සටන් කිරීම උතුම් ක්‍රියාවන් අතරින් වේ යැයි නබිතුමාගේ අනුගාමිකයෝ (රළියල්ලාහු අන්හුම්) සිතූහ. එහෙයින් තමන් ජිහාද් කිරීම ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියා ය.
ඔවුන්ගේ වගකීම තුළ උතුම්ම ජිහාදය වනුයේ අල් කුර්ආනයට හා සුන්නාවට අනුගත වෙමින් පාපයෙන් හා ප්‍රදර්ශනය කිරීමෙන් තොරව පිළිගනු ලබන අයුරින් හජ් ඉටු කිරීම යැයි එතුමාණෝ ඔවුනට මඟ පෙන්වූහ.

හදීසයේ හරය

  1. ජිහාද් කිරීම යනු පිරිමින් සඳහා වන ‌උතුම්ම ක්‍රියාව වේ.
  2. කාන්තාවන් සඳහා උතුම් වනුයේ හජ් වන්දනාවය. එය ඔවුන් සඳහා වන උතුම්ම ක්‍රියාව ය.
  3. කටයුතු කරන්නා අනුව ක්‍රියාවන්හි මහිමය හා තරාතිරම වෙනස් වනු ඇත.
  4. හජ් වන්දනාවට 'ජිහාද් කිරීම' යනුවෙන් නම් කෙරී ඇත. ඊට හේතුව එහි ආත්මය සමග කරන ජිහාදයක් වන අතරම එහි මුදල් හා ශරීර ශක්තිය වැය කිරීමක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන්නාක් මෙන් ශාරීරික වශයෙන් හා මූල්‍යමය වශයෙන් සිදු කරන නැමදුමකි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර