+ -

عَن أَبِي أُمَامَةَ رضي الله عنه قَالَ: سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فِي حَجَّةِ الوَدَاعِ فَقَالَ:
«اتَّقُوا اللَّهَ رَبَّكُمْ، وَصَلُّوا خَمْسَكُمْ، وَصُومُوا شَهْرَكُمْ، وَأَدُّوا زَكَاةَ أَمْوَالِكُمْ، وَأَطِيعُوا ذَا أَمْرِكُمْ تَدْخُلُوا جَنَّةَ رَبِّكُمْ».

[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 616]
المزيــد ...

සමුගැනීමේ හජ් දිනයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"c2">“නුඹලාගේ පරමාධපතියාණන් වන අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරනු. නුඹලාට නියම වූ පංචකාල සලාත් ඉටු කරනු. නුඹලාට නියම වූ මාසයේ උපවාසයේ නිරත වනු. නුඹලාගේ සම්පත් සඳහා සකාත් ඉටු කරනු. නුඹලාගේ කටයුතු භාර උදවියට අවනත වනු. නුඹලාගේ පරමාධිපතිගේ ස්වර්ගයට නුඹලා පිවිසෙනු ඇත.”

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු හිබ්බාන් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හිජ්රි දසවන වසරේ හජ්ජතුල් වදා හෙවත් සමුගැනීමේ හජ් අවස්ථාවේ අරෆා දින දේශණයක් පැවැත්වූහ. එසේ හජ්ජතුල් වදා යනුවෙන් එයට නම් කරනු ලැබුවේ එහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනිසුන්ගෙන් සමුගත් බැවිනි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් තම පරමාධිපතිට බියෙන් බැතියෙන් කටයුතු කරන මෙන් ඔහු සියලු මිනිසුන් හට නියෝග කළේය. රාත්‍රියේ හා දහවලේ සර්ව බලධාරී අල්ලාහ් නියම කළ පස්වාර සලාත් ඉටු කරන මෙන් ද; රමළාන් මාසයේ උපවාසයේ නිරත වන මෙන් ද; වස්තුවට අදාළ සකාතය එහි සුදුසුකම් ලාබීන් හට මසුරු නොවී පිරිනමන මෙන් ද: තමන් මත නායකත්වය දරන්නට අල්ලාහ් නියම කළ කටයුතුභාර උදවියට අල්ලාහ්ට පිටුපාන ක්‍රියාවන්වල හැර සෙසු කරුණුවල දී අවනත වන මෙන් ද නියෝග කළේය. එබැවින් කවරෙකු සඳහන් කරන ලද කරුණු ඉටු කළේ ද ඔහුට හිමි කුසල වනුයේ ස්වර්ගයට පිවිසීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الدرية الصومالية المالاجاشية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මෙම ක්‍රියාවන් ස්වර්ගයට පිවිසීමේ හේතු සාධක වේ.
අමතර