+ -

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ:
«لَا يَمْنَعَنَّ رَجُلًا مِنْكُمْ مَخَافَةُ النَّاسِ أَنْ يَتَكَلَّمَ بِالْحَقِّ إِذَا رَآهُ أَوْ عَلِمَهُ».

[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [مسند أحمد: 11403]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුඃද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක ඔබ අතරින් කිසිදු පුද්ගලයකු හෝ මිනිසුනට බියෙන් ඒ ගැන කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතුය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه الترمذي وابن ماجه وأحمد] - [مسند أحمد - 11403]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් අතර දේශනා කර ඇත්තාහ. එසේ එතුමාණන් කළ දේශනා අතරින් එකක් නම්, 'මුස්ලිම්වරයකු සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක මිනිසුනට බියෙන් හෝ ඔවුන්ගේ මැසිවලට බියෙන් සත්‍යය ප්‍රකාශ කිරීමෙන් වැළකී නො සිටිය යුතු බවයි'.

හදීසයේ හරය

  1. සත්‍යය හෙළි කිරීමට හා මිනිසුනට බියෙන් එය වසන් නොකිරීමට දිරි ගැන්වීම.
  2. සත්‍යය කතා කිරීම යනු, ප්‍රකාශ කරන ක්‍රමයේ විනය, ප්‍රඥාව යහපත් උපදෙස් පිළිපැඳීමෙන් තොරව පැවසිය යුතු යැයි ඉන් අදහස් කරන්නේ නැත.
  3. පිළිකුල් සහගත දෑ හෙළා දැකිය යුතුය. සත්‍යයට පටහැනි වූ අවස්ථාවක මිනිසුන්ගේ යහපත උදෙසා උත්තරීතර අල්ලාහ්ගේ සත්‍යය ඉදිරිපත් කළ යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය