عن ابْنِ عُمَرَ رَضيَ اللهُ عنهُما قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«أَيُّمَا امْرِئٍ قَالَ لِأَخِيهِ: يَا كَافِرُ، فَقَدْ بَاءَ بِهَا أَحَدُهُمَا، إِنْ كَانَ كَمَا قَالَ، وَإِلَّا رَجَعَتْ عَلَيْهِ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 60]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 60]
මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයකුට, "අහෝ කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා)' යැයි පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එසේ පවසනු ලබන එම කාෆිර් යන ප්‍රකාශය ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු වෙත උරුම වනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේ වනු ඇත. එසේ නැතහොත් තම සහෝදරයාට කාෆිර් යැයි කළ චෝදනාව ඔහුට එරෙහිව හැරී එනු ඇත.