+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«قَالَ اللَّهُ عَزَّ وَجَلَّ: يُؤْذِينِي ابْنُ آدَمَ يَسُبُّ الدَّهْرَ وَأَنَا الدَّهْرُ، بِيَدِي الأَمْرُ أُقَلِّبُ اللَّيْلَ وَالنَّهَارَ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4826]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 4826]

විවරණය

අල්-හදීස් අල්-කුද්සි හෙවත් දිව්‍ය වචන සහිත නබි ප්‍රකාශයක උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. "මිනිසා මට හිංසා කරයි. දොස් නගයි. එය ව්‍යසන හා විපර්යාසයන් පහළ වන අවස්ථාවේ ඔහු කාලයට බැණ වදිමින් හා දොස් නගිමිනි. මක්නිසාද යත් සැලසුම් කරන්නා සුවිශුද්ධ අල්ලාහ් පමණක් වන බැවින් හා සිදුවන දෑ ක්‍රියාත්මක කරන්නා ඔහු වන බැවිනි. එබැවින් කාලයට දොස් නැගීම යනු සර්වබලධාරී අල්ලාහ්ට දොස් නැගීමකි. කාලය වනාහි සැබැවින් එය වසඟ කර දෙනු ලැබූ මැවීමකි. එහි සිදුවීම් ක්‍රියාත්මක වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ නියෝගය මත ය."

අර්ථ කථනය: ඉන්දුනීසියානු වියට්නාම හවුසා ස්වාහිලි ආසාමි الأمهرية الهولندية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ " අල් ඉලාහී" (දිව්‍ය වදන්) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් වීම, ඒ සඳහා පිරිසිදුභාවය, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි දැයින් අනෙක් ඒවා වෙන් කර හඳුනාගත හැකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.
  2. ප්‍රකාශයේ දී හා විශ්වාසයේ දී සුවිශුද්ධ අල්ලාහ් සමග විනයානුකූලව කටයුතු කිරීම.
  3. කළා හෙවත් දිව්‍ය තීන්දුව හා කද්ර් හෙවත් පෙර නියමය විශ්වාස කළ යුතු අතර පීඩාවන් මත ඉවසීමෙන් කටයුතු කළ යුතු ය.
  4. ශාරීරික හිංසාවෙන් තොර වේදනාව: මිනිසා අශීලාචාර දෑට සවන් දීමෙන් හෝ එය දැකීමෙන් වේදනාවට පත් වෙයි. නමුත් එමගින් ඔහු ශාරීරික හිංසනයට පත් වන්නේ නැත. තවද, ළූණු සහ සුදු ළූණු වැනි පිළිකුල් සහගත ගන්ධය නිසාවෙන් ඔහු වේදනාවට පත් වෙයි. නමුත් එමගින් ඔහු ශාරීරික හිංසනයට පත් වන්නේ නැත.
  5. ගැත්තන්ගෙන් ඇතැම් නපුරු ක්‍රියාවන් තුළින් සර්වබලධාරී අල්ලාහ් වේදනාවට පත් වන්නේය. නමුත් එමගින් හිංසාවට පත් වන්නේ නැත. එය දිව්‍යමය ප්‍රකාශ ඇතුළත් හදීසයේ උත්තරීතර අල්ලාහ් පවසා සිටියාක් මෙනි. එනම්: "අහෝ මාගේ ගැත්තනි! කිසිවිටෙකත් නුඹලා මට හිංසා කිරීමට පෙළඹී නුඹලා මට හිංසා කළ නො හැක. එමෙන්ම කිසිවිටෙකත් මට ප්‍රයෝජනය සැළසීමට පෙළඹී නුඹලා මට සෙත සැළසිය නො හැක.
  6. කාලයට හා එහි ස්වභාවයට දොස් නැගීම කොටස් තුනකට බෙදී යයි. 1- ක්‍රියා කරන්නා කාලය වේ. සැබැවින්ම යහපත හා අයහපත වෙත කරුණු පෙරළා දමන්නේ කාලයයි, යන පදනම මත කාලයට බැණ වැදීම. එය මහා ෂිර්ක් ගණයට අදාළ වේ. මක්නිසාද යත් මැවුම්කරු ලෙස අල්ලාහ් සිටිය දී එය එසේ සිදු කරන බව විශ්වාස කිරීමය. එමෙන්ම අල්ලාහ් නොවන දෑ වෙත සිදුවීම්වල පැවැත්ම සම්බන්ධ කිරීමය. 2- ක්‍රියාත්මක කරන්නා කාලය බව විශ්වාස නොකර එයට බැණ වැදීම. එහි දී සැබැවින්ම එය ක්‍රියා කරවන්නා අල්ලාහ් බව විශ්වාස කරන නමුත් එයට බැණ වදියි. මෙම පිළිකුල් සහගත කරුණ සම්බන්ධයෙන් අල්ලාහ් අබියස ස්ථාවරයක් ඇත. එනම්: එය හරාම් -තහනම්- යන්නය. 3- දොස් නොකියා යහපත් තොරතුරක් ඉන් බලා පොරොත්තු වීම. එය අනුමතය. එය "මෙය දුෂ්කර දිනයකි" යැයි ලූත් අලයිහිස් සලාම් පවසා සිටියාක් මෙනි.
අමතර