عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضيَ اللهُ عنهُما قَالَ: مَرَرْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْحِجْرِ، فَقَالَ لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَدْخُلُوا مَسَاكِنَ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ، إِلَّا أَنْ تَكُونُوا بَاكِينَ؛ حَذَرًا أَنْ يُصِيبَكُمْ مِثْلُ مَا أَصَابَهُمْ» ثُمَّ زَجَرَ فَأَسْرَعَ حَتَّى خَلَّفَهَا.
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2980]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග හිජ්ර් දේශය හරහා ඇවිඳ ගියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ අප හට මෙසේ පැවසූහ":
"එහි වැසියන් තමන්ටම අපරාධ කර ගත් ස්ථාන වෙත නුඹලා නො පිවිසෙනු. නමුත් හඬා වැළපෙන්නන් ලෙස මිස. ඔවුනට අත් වූ දෑ මෙන් යමක් ඔබට ද අත්වීම ගැන පරිස්සම් වන්න." පසුව අනතුරු අඟවමින් එය පසුකර යන තෙක් ඉක්මණින් ගමන් ගත්හ."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2980]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමූද් වාසස්ථාන අතරින් ගමන් ගත් කල්හි අපරාධ සිදු කර, තමන්ටම අපරාධ සිදු කර ගත් ඒ හේතුවෙන් දඬුවමට ලක් වූ අයගේ වාසස්ථාන වෙත පිවිසීමෙන් වැළැක්වූහ. නමුත් ඔවුන් ගැන පාඩම් ලබා, හඬා වැළපෙන්නෙකු ලෙස පිවිසෙනවානම් මිස. එය ඔවුනට අත් වූ දඬුවම තමන්ට ද අත්විය හැකැයි යන බියෙනි. පසුව එතුමාණන් නැග ආ සත්වයාට මෙල්ල කර එය පසු කර යන තෙක් වේගයෙන් ගමන් ගත්හ.