عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ مِنْ أَعْظَمِ الجِهَادِ كَلِمَةَ عَدْلٍ عِنْدَ سُلْطَانٍ جَائِرٍ».

[حسن لغيره] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 2174]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ජිහාද් නම් වෑයම අතරින් ශ්‍රේෂ්ඨතම අරගලය වනුයේ අසාධාරණ පාලකයකු ඉදිරියේ කෙරෙන යුක්ති සහගත ප්‍රකාශයයි.”

[හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي - 2174]

විවරණය

අල්ලාහ්ගේ මාර්ගයේ සිදු කරනු ලබන ජිහාද් අරගලය අතරින් වඩාත් ප්‍රයෝජනවත් හා වඩාත් වැදගත්ම අරගලය වනුයේ අපාරාධකාරී අයුක්ති සහගත බලාධිකාරයකු හෝ ‌නායකයකු ඉදිරියේ කරනු ලබන සත්‍යය හා යුක්ති සහගත ප්‍රකාශයයි. ඊට හේතුව ඔහු යහපත් නියෝග කර සිටීම හා අයහපතින් වැළැක්වීම යන සිරිත පිළිපැදිය යුතු බැවිනි. එය වචනයෙන් හෝ ලිඛිතව හෝ ක්‍රියාවෙන් හෝ යහපත සළසා දී දූෂිත බවින් වළක්වන වෙනත් යම් ක්‍රමයකින් හෝ වුව ද එක සමානය.

හදීසයේ හරය

  1. යහපත නියෝග කිරීම හා අයහපතින් වැළැක්වීම ජිහාද් හි වර්ග අතරින් එකකි.
  2. පාලකයාට උපදෙස් දීම අති මහත් ජිහාදයකි. නමුත් එය ඥානාන්විතව, ප්‍රඥාවෙන් යුතුව හා ස්ථාවරභාවයෙන් විය යුතු ය.
  3. කත්තාබි තුමා මෙසේ පවසයි: "සැබැවින්ම එය ‌අති මහත් ජිහාදයක් වනුයේ සතුරා සමග සටන් කරන්නේද ඕනෑම අයෙකු තමා ජය ලබයි ද, පරාජය වේ ද යැයි නොදැන බලාපොරොත්තු සහ බිය අතර දෙගිඩියාවෙන් සිටින බැවිනි. එසේම බලය ඇති තැනැත්තා සතුව ආධිපත්‍යය තිබෙන බැවින්, යමෙකු ඔහු ඉදිරියේ සත්‍යය පවසා යහපත නියෝග කරන්නේ නම්, ඔහු පරිහානියට ලක් වන්නට ඉඩ ඇත. තම ජීවිතය විනාශය වෙත ඉලක්ක කර ඇත. එනිසා බිය ජය ගැනීම හේතුවෙන් හොඳම ජිහාද් වර්ගය බවට මෙය පත් වේ." තවත් ප්‍රකාශයක් මෙසේය: "එය වඩා හොඳ ජිහාදයක් වනුයේ පාලකයා ඔහුගේ වචනය පිළිගත්තේ නම්, එහි වාසිය විශාල පිරිසකට පැතිර යා හැකි අතර එහි ප්‍රතිලාභය ලැබෙන නිසාය“
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (50)