عن أبي هريرة رضي الله عنه قال: «لَعَن رسول الله صلى الله عليه وسلم الرَّاشِي والمُرْتَشِي في الحُكْم».
[صحيح] - [رواه الترمذي وأحمد]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ ශාප කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

අල්ලස්හි යථාර්ථය වනුයේ ව්යාජ දෙයක් එමගින් ලබා ගැනීම සඳහා මුදල් ගනුදෙනු කිරීමයි. එය දෙන්නා හා එය ගන්නා යන දෙදෙනාටම පෞද්ගලිකව මෙන්ම සමාජීය වශයෙන් හානි පමුණුවනු බැවින් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරන මෙන් ද නෙරපා හරින මෙන් ද අල්ලාහ්ගේ දූතයාණෝ ඔවුනට එරෙහිව ප්රාර්ථනා කළහ. අල්ලස පොදුවේ තහනම් කරනු ලැබූවකි. හදීසයේ එය නීතිය සමග සම්බන්ධ කරමින් විශේෂගත කොට ඇත. ඊට හේතුව නීතිය වෙනුවෙන් අල්ලස ලබා දීම වනාහි, එහි ෂරීආ නීතිය වෙනස් කිරීමක් පවතින බැවින් එය වඩාත් බරපතළ වන්නේය. නීතිය වෙනස් කිරීමට එය නැවීමට අල්ලස් දෙන්නාගේ යහපත සැලකිල්ලට ගෙන යම් ප්රතිලාභයක් හිමිවීමේ අපේක්ෂාවෙන් තීන්දු දෙන්නා වෙත එය පිරනමන බැවිණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල්ලස් සඳහා වියදම් කිරීමත් එය ලබා ගැනීමත් ඒ සඳහා මැදිහත් වීමත් එයට උපකාර කිරීමත් තහනම් වන්නේය. ඊට හේතුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එහි ව්යාජ දෑ වෙත උපකාර කිරීමක් සිදුවන බැවිණි.
  2. අල්ලස යනු මහා පාපයන් අතරින් එකකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එය ගන්නාට හා එය දෙන්නාට ශාප කර ඇත්තේය. ශාපය යනු මහා පාපයන් අතරින් වූ පාපයක් සඳහා මිස පිහිටන්නේ නැත. එය තහනම් කර ඇති බවට විද්වත්හු ඒකමතිකව පවසා ඇත.
  3. නීතිය හා තීන්දුව යන විෂයයෙහි අල්ලස් දීම බරපතල වරදක් මෙන්ම මහා පාපයක් වන්නේය. ඊට හේතුව එහි ජනයාගේ ධනය අයුතු ලෙස සුරා කෑමක් හා අල්ලාහ්ගේ නීතිය වෙනස් කිරීමක් එහි ඇති බැවිණි. අල්ලාහ් පහළ නොකළ දෙයකින් තීන්දු ලබා දීම හා එය ගැනීම සැබිවින්ම තමන්ට කරන අපරාධයකි. එමෙන්ම ඒ සඳහා තීන්දු ලබා දෙන්නාට ද කරන අපරාධයකි. එමෙන්ම තීන්දු ලබා දෙන දෑට ද කරන අපරාධයකි.