عن أبي هريرة رضي الله عنه قال:
لَعَنَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الرَّاشِيَ وَالْمُرْتَشِيَ فِي الْحُكْمِ.

[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 1336]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي - 1336]

විවරණය

අල්ලස් දෙන්නාට, අල්ලාස් ගන්නාට හා එය ලබා ගන්නාට එරෙහිව ඔවුන් අල්ලාහ්ගේ දයාවෙන් නෙරපා හැරීමටත් ඉවත් කිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ.
තමාට අවශ්‍ය දේ, අසාධාරණ ලෙස ලබා ගැනීම පිණිස විනිසුරුවරුන් දෙන තීන්දුවේදී අපක්ෂපාතීව කටයුතු කිරීම සඳහා ඔවුනට අල්ලස් වශයෙන් ගෙවනු ලබන දෑද මේ අතරට ඇතුළත් වේ.

හදීසයේ හරය

  1. අල්ලස් දීම, අල්ලස් ගැනීම, එහි මැදිහත් වීම සහ ඒ සඳහා උදවි කිරීම තහනම් කර ඇත. හේතුව අයුක්ති සහගත දෑ සඳහා එකිනෙකා උදව් කර ගැනීම එහි ඇතුළත් වන බැවිනි.
  2. අල්ලස මහා පාපයන්ගෙන් එකකි. හේතුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය ගන්නාට හා දෙන්නාට ශාප කර ඇති බැවිනි.
  3. තීන්දු දීම හා විනිශ්චය කිරීම වැනි කටයුතුවල දී අල්ලස බරපතල වරදක් හා දරුණු පාපයක් වේ. හේතුව අසාධාරණය හා අල්ලාහ් පහළ නො කළ දැයින් තීන්දු දීම එහි ඇතුළත්ව ඇති බැවිනි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (59)