නබි වදන් ලැයිස්තුව

දරුවා! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න;
عربي الإنجليزية الأوردية
“බරපතළ පාපය කුමක්දැ?යි මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසුවෙමි. එතුමා: “අල්ලාහ් ඔබව මවා තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය”
عربي الإنجليزية الأوردية
කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත
عربي الإنجليزية الأوردية
දේව රාජ්යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.
عربي الإنجليزية الأوردية
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවමට ලක්වන්නේ අල්ලාහ්ගේ මැවීමකට සමාන යමක් කිරීමට උත්සාහ කරන්නන් වේ
عربي الإنجليزية الأوردية
අල්ලාහ් ගර්භාෂයට මලක්වරයකු පත් කළේය. ඔහු: “පරමාධිපතියාණනි! මෙය ශුක්රානුවකි. පරමාධිපතියාණනි! මෙය ලේ කැටියකි. පරමාධිපතියාණනි! මෙය මස් කැබැල්ලකි.” යැයි පවසයි. එහි මැවීම නිමා කිරීමට අල්ලාහ් අපේක්ෂා කළ විට, “පරමාධිපතියාණනි, පිරිමියෙකු ද එසේ නැතහොත් ගැහැණියකු ද? භාග්ය වන්තයකු ද එසේ නැතහොත් අභාග්යවන්තයෙකු ද? පෝෂණ සම්පත් කුමක් ද? ආයු කාලය කුමක් ද? එලෙස ඔහුගේ මවගේ කුස තුළ ලියනු ලැබේ.”
عربي الإنجليزية الأوردية
“ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය
عربي الإنجليزية الأوردية
මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?
عربي الإنجليزية الأوردية