عن عائشة أن رسول الله صلى الله عليه وسلم قال: «أَشَدُّ النَّاسِ عَذَابًا يومَ القيامة الذين يُضَاهِئُون بخَلْقِ الله».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර දරුණු ලෙස දඬුවම් ලබන අය වනුයේ අල්ලාහ්ගේ මැවීමකට අනුකරණය වන්නෝ වෙති.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙහි පණිවිඩයක් දන්වා ඇත. ඉන් අදහස් කරනුයේ: තහනම හා වැළැක්වීමය. ජීවී දෑට රෑප ගන්වන්නන් වනාහි ඔවුහු අල්ලාහ්ගේ මැවීම තුළ අල්ලාහ්ට අනුකරණය වෙමින් රෑපයට නංවති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා දැඩි ලෙස දඬුවම ලබන්නෝ මෙන්ම දැඩි ලෙස වේදනාව ලබන්නෝ ද ඔවුහුමය. ඊට හේතුව අල්ලාහ් සමග ගත් කල විනයෙන් ඉතා කිලිටි උදවිය ඔවුහු වන්නෝය. අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් ක්රියාත්මක කර ඇත. එබැවින් සඳහන් කළ පරිදි සිදුකළ දෑට සරිලන ප්රතිඵලයක් වශයෙන් දඬුවම උරුම වනු ඇත.