عن خولة بنت حكيم رضي الله عنها مرفوعًا: «مَن نزَل مَنْزِلًا فقال: أعوذ بكلمات الله التَّامَّات من شرِّ ما خلَق، لم يَضُرَّه شيءٌ حتى يَرْحَلَ مِن مَنْزِله ذلك».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
කව්ලා බින්ත් හකීම් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යම් ස්ථානයකට ගොඩ වැදී; ඔහු ‘අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා කලක්’ -අල්ලාහ්ගේ පූර්ණ වදන් තුළින් ඔහු මැවූ සියලු දෑහි හානියෙන් මම ආරක්ෂාව පතමි.- යනුවෙන් පවසන්නේ ද එම ස්ථානයෙන් නැවත ගමන් කරන තුරු ඔහුට කිසිදු හානියක් සිදු වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
මිනිසෙකු මිහිතලයේ කවර හෝ ස්ථානයක ගමනක් හෝ චාරිකාවක් හෝ වෙනත් යම් කාරණාවක් මත ගොඩ බසින අවස්ථාවේ ඔහුට ඇතිවන සියලුම ආකාරයේ උවදුරුවලින් ආරක්ෂාව ලබනු පිණිස ඵලදායී ලෙස ආරක්ෂාව පැතීමේ ක්රම වේදයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ප්රජාවට මඟ පෙන්වූහ. එය සියලුම අඩු පාඩුවලින් තොරවූ ප්රමාණවත් වන සුවදායී අල්ලාහ්ගේ වදන් මගින් ආරක්ෂාව පැතීමෙනි. එවිට ඔහු එම ස්ථානයේ රැඳී සිටින කල්තාක් ඇතිවන සියලුම උවදුරුවලින් ඔහුට ආරක්ෂාව සැළැසෙනු ඇත.